August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවී කෑවේ ජනපතිගෙ ලනුවක් !

1 min read

ජනාධිපති අනුර කුමාර පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ. පාර්ලිමේන්තුව තුළ වන ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දී සිදුව තිබෙන මෙම හමුවේ දී රවී කරුණානායක මන්ත්‍රිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම තමන් කැඳවා තිබෙන බව ප්‍රකාශ කර ඇත. එම ආයතනය දන්වා ඇති දිනට ගියහොත් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි සිතන බවත්, එය වලක්වා ගැනීම සඳහා සහාය වන ලෙසත් ඔහු වැඩිදුරටත් ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා ඇත.

එහිදී, ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලිපියක් යවා එදිනට නොගිහින් සිටින මෙන්ය. තමන් ඒ බව D.G. ට (අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට) දන්වන බවද ජනාධිපතිවරයා සහතික වී තිබේ.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම වෙත තමන්ට එදිනට පැමිණීමට නොහැකි හේතු ලිඛිතව දන්වා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පසුගිය 26 වැනිදා එම කොමිෂම හමුවේ පෙනී සිටීමෙන් වැලකුණි. ජනාධිපතිවරයා වෙතින් ලද සහතිකය අනුව එමගින් ගැටළුවක් ඇති නොවනු ඇතැයි ඔහු විශ්වාස කර තිබේ.

ඒ වන විටත් තුන් වතාවක් තම කොමිෂම විසින් කරන ලද කැඳවීම මග හරින ලද රවී කරුණානායක මන්ත්‍රිවරයා සිව්වන වරටත් මෙදින (26) ද නොපැමිනෙන බව දැනගත් පසු එම කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති අනුර කුමාර දුරකථන මගින් සම්බන්ධ කරගෙන මේ ගැන පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “මට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දී කිව්වා. මම මුකුත් පොරොන්දු උනේ නෑ. ඔයාල කරන දෙයක් කරන්න” යනුවෙනි.

ජනප්‍රිය පුවත්  ජනමත විමසුමකින් තොරව සුරසේන "රී ලෝඩ්" බෑ ! ව්‍යවස්ථා විශාරදයෝ පවසති

එම ප්‍රකාශයෙන් පසු අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක තම නිලධාරින් රවී කරුණානායකගේ නිවස පරීක්ෂාවට යවන ලද්දේ ජනමාධ්‍ය ද දැනුම්වත් කරමිණි.

රවී කරුණානායක මන්ත්‍රිවරයා මුදල් ඇමතිව සිටි සමයේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කොන්ත්‍රාත් පදනම මත නිලධාරින් 5 දෙනෙකු බඳවාගෙන තිබීම ඔහුට එල්ල වී ඇති චෝදනාව වේ. එම පිරිස රජයේ වැටුප් ලබමින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සහ දේශපාලන කටයුතු සඳහා යොදවා ගෙන තිබීම මගින් “දූෂණය” නැමැති වරද සිදුකර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ චෝදනාව වී තිබේ.

මෙම සිදුවීමෙන් පසු රවී කරුණානායක මන්ත්‍රිවරයා සිය සමීප හිතවතුන් හා පවසා ඇත්තේ “මේකවනම් ශත පහකට විශ්වාස කල නොහැකියි” යනුවෙනි.

  • ජිනදාස කිතුල්පිටිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x