August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිනිස් හිසක් මොරටුමුල්ලෙන් හමුවෙයි

1 min read

මොරටුමුල්ල ඉහළ ඉදිබැද්ද කුරේ ප්‍රදේශයේහි මිනිස් හිසක් ඇතැයි මොරටුමුල්ල පොලීසියට 119 හදිසි දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලැබී තිබුණි.

මොරටුමුල්ල ස්ථානාධිපති, දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අදාළ හිස කඳින් වෙන්ව ඇති අතර එය වඩුමඩුවක පිටුපස ගං ඉවුරට ආසන්නයෙන් තිබියදී සොයාගෙන ඇති බවය.

මොරටුමුල්ල පොලීසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂාවන් සිදුකර ඇත.

අද (30) උදෑසන 8ට පමණ වඩුමඩුවේ හිමිකරු මෙය දැක පොලීසියට දැනුම්දී තිබේ.

මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සඳමාලී මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂාවකි සිදුකළාය.

එම මිනිස් හිස බෙහෙවින් නරක් වී සතුන් කා දමා ඇති අයුරු දක්නට ලැබෙන අතර මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x