August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දමිත්ට ඇප | සඳුදා උසාවි

1 min read

සීගිරිය වනජීවී නිලධාරීන් විසින් ඊයේ (29) අත්අඩංගුවට ගත් ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනා ලබන සඳුදා (31) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමේ පොරොන්දු ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

ඔවුන් අත්අඩංගුවට ෙගන තිබුණේ සීගිරිය අභයභූමියට අයත් පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තු අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කපා හෙළීමේ චෝදනා මතය.

ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ නීති විරෝධී කැණීම් සහ දැව හෙළීමේ කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ට්‍රැක්ටරයක් මෙන්ම කපා දමන ලද දැව කඳන් තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වනජීවී නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ අදාළ භූමිය පෞද්ගලික ඉඩමක් වන බැවින් එහි සංවර්ධන කටයුත්තක් කිරීමේදී නීතිමය අවසරයක් ලබාගත යුතු බවට තමන් දැනුවත්ව නොසිටි බවයි.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද මහතා පෙන්වා දුන්නේ, අභයභූමි සීමාව තුළ පිහිටි පෞද්ගලික ඉඩමක වුවද යම් කැණීමක්, ගොඩනැගීමක් හෝ දැව කැපීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවයි.

ජනප්‍රිය පුවත්  දියවන්නාව කොළ වෙයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x