මහානායක හිමිවරු ජනාධිපතිට හොඳටම දෙසති!
1 min read
ඊයේ (27) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවන අතරතුර පස්වරුවේ මහානායක හිමිවරු බැහැදැක ඇති ජනාධිපති අනුර කුමාරට මහානායක හිමිවරු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තමන් වහන්සේලා ජනාධිපතිවරයාට ඒ පිළිබඳව එවන ලද ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කරන ලද පිළිවෙත පිළිබඳ සිය අප්‍රසාදය ඵල කර ඇතැයි වාර්තා වේ.
ඒ පිළිබඳව අපගේ ගවේෂණශීලී මාධ්‍ය අංශය සිදු කරන ලද විමර්ශනයේ දී අණාවරණය වූයේ, ජනාධිපතිවරයා බැහැදුටු මල්වතු මහා විහාරයේ මල්වතු මහානායක හිමි තම අප්‍රසාදය දැඩි ලෙස ඵල කර තිබෙන බවයි. උන්වහන්සේ එහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, බලය නැති කල මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් ප්‍රතිඥා දුන්නත්, බලය ලැබුණු විට ඔබලා ක්‍රියා කරමින් සිටින්නේ සැමදා බලයෙ සිටිය හැකි කෘෘර ආඥා දායකයින් ලෙස බවයි.
තමන් වහන්සේලා එවන ලද ලිපිය හංගාගෙන සිටිය අන්දමේ පහත් ක්‍රියා නෙකරන ලෙසත්, රාජ්‍ය නායකයකු බොරු කීමෙන් වැලකිය යුතු බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දී තිබේ.
රාජ්‍ය පාලනයේ දී සංවරණ සහ තුලන ක්‍රම ගැන අවබෝධයකින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී උන්වහන්සේලා අවධාරණය කර ඇත.
මාධ්‍යවේදීන් ඉවත්කර සිදු කරන ලද කතාබහ තුල මේ ප්‍රතිචාරය දැක්වීමට මහානායක හිමිවරු කටයුතු කර තිබේ.
- රවීන්ද්‍ර ගලප්පත්ති
