September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“සූරසේන දිගුව” ගෙන ඒමේ යටි අරමුණ හෙළි වේ !

1 min read

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ, ඉදිරි ජනාධිපතිවරණයට පෙර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත තීරණය වන අගමැති ක්‍රමයක් ඇති කිරීම හා එමගින් ඉදිරි ජනාධිපතිවරණය හා මහමැතිවරණය නොපවත්වා, තිබෙන පාර්ලිමේන්තුවම තවදුරටත් පවත්වාගෙනයාම අරමුණු කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිණිස බව පැලවත්ත ආරංචි මාර්ග හෙළිකර සිටී.

එම නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා සඳහා තවත් බලතල හිමිකරදීම ද සිදු කිරීමට නියමිතව තිබේ.

එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමතවිචාරණයකට භාජනය කිරීමට සිදුවන බැවින්, පළාත් සභා බලය ශක්තිමත් කිරීම හරහා සුළු ජාතික ඡන්ද අති බහුතරයක් ද, කතෝලික ආගම හෝ ඒ හා බැඳුණු ආගම් අදහන සිංහල ජාතිකයන්ගේ ජන්දය ද එවැනි ව්‍යවස්ථාවකට කැමැත්ත දක්වන තවත් සිංහල ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම මගින් එම ජනමතවිචාරණය ජයගත හැකි බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී තිබේ.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂමේ පාලනය ද ඊට පෙර තමන් නතු කරගැනීම මෙහි වැදගත් අවශ්‍යතාවක් බව ද අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  සිරසෙන් පක්ෂයක් !

අගවිනිසුරු, දේවගැති සූරසේනට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඉන්නේ තිදෙනකු පමණක් වන නිසා එම ගණන ඉහළ දමා ගැනීම ද ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබේ. ඇති වී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු පිරවීමේ දී සලකා බලනු ලබන ප්‍රධාන සාධකය එය බව ද අපගේ ආරංචි මාර්ග පවසනු ලබයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම හරහා ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු නොවීමත්, මහමැතිවරණයක් නොපවත්වා තිබෙන පාර්ලිමේන්තුවම තව වසර 5 ක් කල් තබා ගැනීමත් මගින් ජ.වි.පෙ. නායකයන් ප්‍රසිද්ධියේ පවසන රාජ්‍ය බලය අත්පත් කරගැනීම පරිපූර්ණව සිදුකරගත හැකි වනු ඇතැයි පැලවත්තේ නිගමනය වී තිබේ. දැන් ගතවෙමින් තිබෙන්නේ “සංක්‍රාන්ති කාලයක්” යැයි ඔවුන් පවසන්නේ, මෙම ඉලක්කය හිසෙහි තබාගෙන සිටින බැවිණි.

ජනමතවිචාරණයට පෙර, සමස්ථ විපක්ෂ නායකත්වයම විවිද චෝදනා යටතේ සිරගත කිරීම ද මේ සැලසුමේ කොටසක් වේ. අධිකරණය මගින් රිසි පරිදි එය සිදු කර ගැනීමට “සූරසේන දිගුව” අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

මෙම සැලසුම සාර්ථක කර ගැනීමට සමත්වුවහොත් ශ්‍රී ලංකාව මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහමුලින් අහෝසි වී තනි පක්ෂ ඒකාධිපතිත්වයකට ගොදුරු වීම නියතයක් බව පැහැදිලි ය. විපක්ෂය මෙම සැලැස්ම වටහාගෙන නිසි පරිදි ක්‍රියා නොකිරීම ද ආණ්ඩුවේ මෙකී ඒකාධිපති ගමනට රුකුලක් වී තිබේ.

  • ජයන්ත විජේවර්ධන
ජනප්‍රිය පුවත්  සූරසේනගේ දෙබරවැව මිතුරා ජ.වි.පෙ. ජගත් !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x