June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ කතයි කැනඩාවෙ කතයි තකට තකයි !

1 min read

ශ්‍රී ලංකාවේ කාන්තාවක් හා කැනඩාවේ කාන්තාවක් අතර විවාහයක් කැන්ඩාවේදී සිදු වී තිබේ. සිතාරා නැමැති මෙරට කාන්තාව විවාහ වී ඇත්තේ කැනඩාවේ ජෙනිෆර් නමැති කාන්තාවක් සමඟය. එම විවාහ උත්සවය පවත්වා ඇත්තේ ‍ශ්‍රී ලංකාවේ විවාහ උත්සව ක්‍රමයට ය.

මෙරට තුළද සමරිසි විවාහයන් නීත්‍යානුකූල තත්ත්වයට පත් කර ගැනීමට විදේශ මුදල් මත යැපෙන සංවිධාන ගණනාවක් කටයුතු කරමින් තිබේ. එබඳු සංවිධාන මගින් මේ දිනවල මහනුවර, අනුරාධපුරය වැනි ප්‍රදේශවල රජයේ සේවකයන් ඉලක්ක කොට ගෙන වැඩමුළු පැවැත්වීමට පියවර ගෙන ඇත. ඒ සඳහා රජයේ අනුග්‍රහය ද ලැබී තිබේ.

පසුගිය දා එබඳු වැඩසටහනක් කැකිරාවේදී පවත්වා තිබේ. එය සංවිධානය කර ඇත්තේ “ඉක්විටි” නම් සංවිධානය විසිනි. එයට ග්‍රාම නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ශ්‍රේෂ්ත්‍ර නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහභාගී වී තිබේ.

ජනාධිපති අනුර කුමාර තම ආණ්ඩුව LGBTQI සුළුතර ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය නොකරන බව මහනායක හිමිවරු හමුවේ ප්‍රකාශය කර ඇතත්, ඔහුගේ පාලනය යටතේ රාජ්‍ය නිලධාරීන්ට ඊට අදාළ වැඩමුළු පවත්වනු ලබන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේ බව මෙමගින් පැහැදිලි වේ.

ජනප්‍රිය පුවත්  බංග්ලාදේශයේ මෙන් ISIS කඳවුරු ලංකාවෙත්?

මේ ආකාරයට දිගින් දිගටම කටයුතු සිදුවුවහොත්, කැනඩාවේ පැවති ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයේ විවාහයන් ලංකාවේ දී ද දැක බලා ගැනීමට සිදුවනු දිනය වැඩි ඈතක නොවන බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

රජීවි අපොන්සු

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
රොමේෂ්
රොමේෂ්
8 months ago

හමේ හොපොයි මොන විගඩම්ද මේවා

උඩහ කඩේ ලාල් අයියා
උඩහ කඩේ ලාල් අයියා
8 months ago

අනුරයා ඔය මගුල් තමයි මෙහෙටත් ගේන්න හදන්නේ

2
0
Would love your thoughts, please comment.x
()
x