September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ…

1 min read

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා මෙරට සිදුකළ නිල සංචාරය අතරතුරදී මෙම වැදගත් තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

දෙරටටම උපරිම ප්‍රතිලාභ හිමිවන අයුරින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් ඉදිරියේදී නම් කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත. ඉන්දීය විදේශ ලේකම්වරයා සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී දැනට මෙරට ක්‍රියාත්මක වන, එහෙත් විවිධ හේතූන් මත මන්දගාමී වී ඇති ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඉන්දීය පාර්ශවය ඉල්ලීමක් කර ඇත.

විශේෂයෙන්ම දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධ කිරීම, සම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ද දෙපාර්ශවය එකඟතාවට පැමිණ ඇත.

ජනප්‍රිය පුවත්  මිනුවන්ගොඩ අනතුරින් පසු කන්ටේනර් රථයට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට කඩිනමින් එළඹීමට ද සාකච්ඡා වී තිබේ.

එමෙන්ම, දෙණියාය රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සහ දිවයින පුරා අධ්‍යාපන ආයතන සඳහා උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද නියෝජිතයන්ගේ අවධානය යොමු විය. දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, අදාළ අභ්‍යන්තර ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු ඊට අත්සන් තැබීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම් ද ඉදිරියේදී මෙලෙසම සමාලෝචනය කිරීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x