August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අපි ලිපියක් යැව්වා එකට මොකක් වුනාද දන්නේ නෑ…” ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහානායක නාහිමිපාණන් වහන්සේලාත් ශ්‍රේෂ්ඨාධිකරණයට !

1 min read

අපි අපේ අකමැත්‍ත ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දුන්න බව මහානායක නාහිමිවරු යලි අවධාරණය කර සිටියා.ඒ දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය, ඇතුලු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් සහිත නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය අද දින මල්වතු පාර්ශ්වයේ මහනායක මහා නාහිමියන් මුණ ගැසිණ අවස්ථාවේ මෙ බව අවධාරණය කර තිබේ.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා නියෝජිත පිරිස මහානායක නාහිමිවරු හමුවට ගොස් සිටියා.

ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ පැවසීය.

“අපි ලිපියක් යැව්වා එකට මොකක් වුනාද දන්නේ නෑ…”

කෙසේවෙතත් අදාළ ලිපිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම බලවත් දේශපාලන හස්තයක් විසින් නතරකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මහනායක මාහිමිපාණන් වහන්සේලා සමග සිදුවු සාකච්ඡා අතරතුර මේ සංශෝධනය බැලු බැල්මටම ආගමික කුමන්ත්‍රණයක් … හැගියන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථාන සාමාජිකයන් පෙන්වා දි තිබේ.

ජනප්‍රිය පුවත්  හර්ෂ ද සිල්වා - ජනපති හමුවක් !

නීතිඥ ශිරාල් ලක්තිලක,ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ.

ජනාධිපතිවරයාගේ සහ ෆාදර් සුරසේන “born again” කල්ලියේ උවමනාව මත ශ්‍රී ලංකාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිල වශයෙන් ඊයේ (07) ගැසට් කරනු ලැබු අතර අවශ්‍යනම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විමට මහානායක නාහිමිපාණන් වහන්සේලාත් සුදානම් බවද එහිදි සදහන් කර තිබේ.

  • නාමල් බෝධාගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x