July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ෆාදර්” අධ්‍යක්ෂක චමින්දත් අත් අඩංගුවට ?

1 min read

“ෆාදර්” නැමැති සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළ හා එමඟින් ඩෙස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්ඩ්” ගේ පාතාල ජීවිතය “හිත හොඳ චණ්ඩියකු” ලෙස ප්‍රතිරූපගතකරන ලද චමින්ද ජයසූරිය පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ අංශවල අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

චමින්ද ජයසූරිය ජාතික ජන බලවේගය බිහි වූ මුල් කාලයේ සිටම එය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකළ කලාකරුවෙකි. ඔහු එම වේදිකාවේ අදහස් දැක්වීමෙන්ද දායක වී ඇත. මීට අමතරව, ජනාධිපති අනුර කුමාර විසින් අරඹන ලද “Clean Sri Lanka” වැඩසටහනේ ප්‍රධාන පෙලේ සාමාජිකයකු ලෙස ද ඔහු ක්‍රියා කරයි.

“ගම්පහ ඔස්මන්ඩ්” අත් අඩංගුවට ගනු ලැබුවේ මෑතකදී අසර්බයිජානයෙන් පිටුවහල් කළ බටුවත්තේ චාමර නැමැති පාතාල කල්ලි සාමාජිකයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අණාවරණය වූ තොරතුරු අනුව ය. එමඟින් හෙළි වී ඇත්තේ කෙහෙල්බද්දර පත්මේ හෙවත් මන්දිනු පද්මසිරි පෙරේරා සහ ඔස්මන්ඩ් අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පැවත තිබෙන බවය.

ගම්පහ ඔස්මන්ඩ් සහ කෙහෙල්බද්දර පද්මේ අතර ජන්මාන්තර වෛරයක් ඇතැයි පෙන්වූවද ගම්පහ ඔස්මන්ඩ් ක්‍රියාකර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විදේශගතව සිට මෙහෙයවන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපදවන මුදල් ලංකාව තුළ විශුද්ධිකරණය (කළු සල්ලි සුදු කිරීම) කිරීමේ ප්‍රධාන දේශීය නියෝජිතයා ලෙසය. තම ව්‍යාපාර ආයතන යොදාගනිමින් ඔහු එය සිදුකර තිබේ.

ජනප්‍රිය පුවත්  සූරසේනගේ දඩයම අධිකරණ සේවා කොමිසමටත් !

කොළඹ මහාධිකරණය තුළදී ප්‍රබල පාතාල කල්ලි නායක “ගනේමුල්ල සංජීව” වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව පද්මෙ විසින් ලබා දී ඇති අතර, ඒ සඳහා යොදාගත් ගිනි අවිය සපයා දී ඇත්තේ ගම්පහ ඔස්මන්ඩ් ය. ඔස්මන්ඩ්ගේ නිවස සෝදිසි කිරීමේ දී කෙහෙල්බද්දර පත්මෙට අදාළ ජාත්‍යන්තර “රතු නිවේදන” පිටපතක් මෙන්ම, ගනේමුල්ල සංජීවගේ සියලුම නඩු විස්තර, ඔහුගේ සමීපතමයන්ගේ දුරකථන අංක ඇතුළත් රහසිගත ලේඛන රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගිනි අවිය සමග අත් අඩංගුවට ගත් ගම්පහ ඔස්මන්ඩ් මේ වනවිට රැඳවුම් නියෝග යටතේ කොළඹ අපරාධ කොට්ඨාශය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

“ෆාදර්” චිත්‍රපටියේ නිෂ්පාදක ලෙස පෙන්වා ඇත්තේ ශාන්ත ගීතදේව වුවත්, එයට සැබෑ ලෙසම මුදල් යොදවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මෙ විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ඇති මුදල් ය. පරීක්‍ෂණ මගින් අණාවරණය වී ඇති ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිකයකු වූ හා “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ සාමාජිකයකු වන චමින්ද ජයසූරිය ද මේ බව අවබෝධය ඇතිව අදාළ සිනමා කෘතිය සිදුකර ඇති බවය.

එහෙත්, චමින්ද ජයසූරිය අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා ඇතත්, මෙතෙක් ඒ සඳහා පොලීසියේ ඉහලින් අවසර ලැබී නැත. මෙයට හේතුව වී ඇත්තේ චමින්ද ජයසූරිය හා ආණ්ඩුව අතරවන සමීප සම්බන්ධතාවය ය.

– දිදුල එදිරිවීර –

    ජනප්‍රිය පුවත්  පොලිස්පතිගේ පට්ටම ගැලවේ!
    Please follow and like us:
    Pin Share
    Subscribe
    Notify of
    guest
    0 Comments
    Oldest
    Newest Most Voted
    0
    Would love your thoughts, please comment.x
    ()
    x