මැතිවරණ කොමිෂමත් ජෙපිකරණයට !
1 min read
වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන සාමාජිකයන්ගේ ධූර කාලය 2028 සහ 2029 අතර නිමාවීමට නියමිත අතර, ඒ සමගම එය ජ.වි.පෙ. හිතවාදී දැඩිමතදාරින්ගෙන් පිරවීමට මේ වන විට තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන්ගේ නිල කාලය වන්නේ වසර 5 කි. ඒ අනුව, වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඇතුළු එහි සාමාජිකයන් තිදෙනකුගේ නිල කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ 2028 ජූලි මාසය වන විට ය. අනුසුයා ෂන්මුගනාදන් මෙනෙවියගේ නිල කාලය නිමාවීමට නියමිතව ඇත්තේ එම වසරේම සැප්තැම්බර් මාසය තුල දී ය. ලක්‍ෂ්මන් දිසානායකගේ නිල කාලය පමණක් නිමාවීමට නියමිතව ඇත්තේ 2029 ජනවාරි මාසය තුල ය.
පැලවත්තේ සාකච්ඡාව වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට පෙර මැතිවරණ කොමිෂම තම පාක්ෂික ග්‍රහණයට නතු කර ගැනීම ය. මේ වන විට ඒ සඳහා පත් කිරීමට සුදුසු දැඩි මතධාරින් හඳුනාගැනීමේ කාර්යයේ පැලවත්ත යෙදී සිටින අපගේ සමීප ආරංචි මාර්ග අණාවරණය කර සිටී.
සූරසේන දිගුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණය හා සමස්ත අධිකරණ පද්ධතිය සිිය පාලනයට නතු කර ගන්නා පරිදි, මැතිවරණ කොමිෂම ද සිය අණසක යටතට පත් කර ගැනීම බලය දිගුකාලීනව ව්‍යාප්ත කරගැනීම සඳහා අත්‍යවශ්‍ය බව පැලවත්ත විශ්වාස කරයි.
මීට අමතරව, තමන්ට අවනත ධනපතීන් ජාලයක් නිර්මාණය කිරීම සඳහා ද පැලවත්තේ සාකච්ඡා වී තිබේ.
- කුමාර සිරිවර්ධන
