ලක්ෂ්මන් යාපාට අධිචෝදනා | ඇපමත මුදාහරී
1 min read
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධි චෝදනා බාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිෂම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබුණි.