විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ !
1 min read
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (07) දාතම සහිතව ගැසට් පත්‍රය නිකුත් වී තිබේ. අධිකරණය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ නියමය පරිදි ඵල කරන ලද එම ගැසට් පත්‍රය මගින්, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දිගු කිරීම පමණක් සිදු කර තිබේ.
ඊට අමතරව 137 වන ව්‍යවස්ථාවේ සඳහන් “ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය” පිහිටුවීම හා විනිසුරුවන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ දැමීම ද මෙමඟින් සිදු කර තිබේ.
මේ සමග ඵල කර ඇත්තේ අදාළ ගැසට් පත්‍රිකාව ය.
- නලින් කල්පගේ
