August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති හමුවෙන් පසු ලිපිය එලියට !

1 min read

ත්‍රෛයිනිකායික අතිගරු මහානායක හිමිපාණන්වහන්සේලා අත්සන් තබමින්, “සූරසේන රී ලෝඩය”ට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස දන්වමින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබ ඇති ලිපිය, ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව රට හමුවේ ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මහානායකහිමිවරුන් අත්සන් තබන යවන ලද එම ලිපිය තමන් අතර පත් වූ වහාම අනුර කුමාර ජනාධිපතිවරයා මල්වතු මහානායකහිමියන් අමතා පවසාඇත්තේ තමන් උන්වහන්සේලා බැහැදැක කරුණු පැහැදිලිකරන තෙක් අදාළ ලිපිය මාධ්‍යයට නොයවන ලෙසයි.

එම ඉල්ලීමට එකඟවෙමින්, අදාළ ලිපිය ප්‍රසිද්ධියට පත් නොකර සිටීමට මහානායකහිමියන් කටයුතු කර ඇත. ලබන ඉරිදා (09) ජනාධිපතිවරයා මහනුවරට ගොස් මහානාහිමිවරු බැහැදැකීමට දැනට සැලසුම් කර තිබේ.

ඒ අනුව, තම නොවෙනස් ස්ථාවරය ජනාධිපතිවරයා හමුවේ පැවසීමෙන් පසුව, අදාළ ලිපිය ජනමාධ්‍ය වෙත ලබාදීමට මහානායකහිමිවරු තීරණය කර ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම පිළිබඳ තීරණය ඉන් පසුව ගන්නා බව ජනාධිපතිවරයා තම සමීපතමයන්ට පවසා තිබේ.

  • රුක්මාල් රොඩ්‍රිගෝ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x