August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමතිවරුන්ගේ වත්කම් ගැන කතා කිරීම තහනම් !

1 min read

දූෂණ විරෝධී පනතට නව සංශෝධනයක් ගෙන එමින්, තම ආණ්ඩුවේ කෙරුමක්කාරයන්ගේ වත්කම් පිළිබඳ අණාවරණය කිරීම වලක්වාලීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

එම නව සංශෝධනයට අනුව, යමකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම වලකා ඇතිවනක් සේම, ලබා ගත්ත ද එය පිළිබඳ තොරතුරු සමාජය තුළ සංවාදයට භාජනය කිරීම ද වලකා තිබේ.

එම සංශෝධනය මගින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින්ගේ වත්කම් ප්‍රමාණයේ ඇති වී තිබෙන වර්ධනය වටහාගැනීමට මහජනයාට ඇති අවස්ථාව අහිමි කර තිබේ.

දූෂණය වැලැකීම හා දූෂණය පැරදවීම යන පාඨය කරතබාගෙන බලයගත් පාලනයක්, තම ධනයේ වර්ධනය මහජනතාව හමුවේ විවෘතව සංවාදයට භාජනයවීම වැලකීම ඉතා නින්දිත උත්සාහයක් බව, මේ පිළිබඳව අදහස් දක්වන බොහෝදෙනකුගේ මතය වී තිබේ.

මෙය නුදුරේදීම පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිතව ඇත.

  • රවීන් ජාගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x