August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර ඇවිලේ !

1 min read

කුරුවිට සහ කොළඹ නව මැගසින් බන්ධනාගාරයන් තුළ ඊයේ රාත්‍රී සහ අද (07) පෙරවරුවේත් ගැටුම්කාරී ප්‍රවණතාව වර්ධනය වෙමින් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) උදෑසන ද දෙවනි වරටත් නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වී තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් කඳුළු ගෑස් සහ ප්‍රහාර එල්ල කර තිබේ. ගැටුම හේතුවෙන් මේ වන විට සිරකරුවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් රැඳවියන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කලහකාරී ලෙස හැසිරී ඇති රැඳවියන් මේ වන විට කුරුවිට බන්ධනාගාරයට අයත් “බන්ධනාගාර රෝහලට” ද දැඩි අලාභ හානි සිදුකර තිබේ. නොසන්සුන්තාව තවදුරටත් පවතින බව අපගේ ආරංචිමාර්ග අවධාරණය කරයි.

බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වී ඇත්තේ “E” වාට්ටුවේ රැඳවියන් 40 කට අධික පිරිසක් සිරකුටිවල අගුළු කඩා පිටතට පැමිණ කළහකාරී ලෙස හැසිරීමත් සමඟ ය. ඒ ඊයේ (06) රාත්‍රී 10.20 ට පමණ ය. එම ගැටුමෙන් 11 කට වඩා තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ජනප්‍රිය පුවත්  දේවගැති සූරසේන පුතාව තෝරයි !

පවතින තත්ත්වය අනුව අද (07) දවස තුළ රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට ඇති අවසරය අවලංගු කර තිබේ.

මේ වන විට රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයෝ නව මැගසින් බන්ධනාගාරය අවට කල්ගත කරති. ආරක්‍ෂාව සලසාලීම සඳහා බන්ධනාගාරය අවට පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මෙන්ම ත්‍රිවිද හමුදාව ද යොදවා තිබේ.

මේ අතර, මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ ද නොසන්සුන්තාවක් මේ වන විට හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

  • ගාමිණී සරච්චන්ද්‍ර ගුණසේකර
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x