August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සත්ත්ව සුබ සාධනය නමින් ගෙනවිත් ඇත්තේ පෙරහැර නතර කිරීමේ පනතක්.. – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

1 min read

සත්ත්ව සුබ සාධන පනතක් ලෙසින් ආණ්ඩුව ගෙනවිත් ඇත්තේ සත්ත්ව සුබ සාධන පනතක් නොව පෙරහැර නතර කිරීමේ පනතක් බවට පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ චෝදනා කරති.

ලංකාවේ දැනට ජීවත්වන ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව සියයටත් වඩා අඩු පිරිසක් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පෙන්වා දෙති.

නව සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අලින් දම්වැල් දැමීම සම්බන්ධයෙන් පනත මගින් දැඩි නීති පනවා ඇති නමුත් ගවයන්, එළුවන් සහ කුකුල්ලු වැනි සතුන් ඝාතනය කිරීම මෙම පනතින් නිදහස් කර ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x