“මාව සිරගත කළත් මරා දැමුවත් මම ආපසු යනවා”- ෂීක් හසීනා දෙසැම්බරයේ නැවත බංග්ලාදේශයට..
1 min read
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේදී අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
තමන්ට එරෙහිව සිරගත කිරීමේ තර්ජන හෝ මරණ දණ්ඩන නියෝග පැවතියද, තම ජනතාව වෙනුවෙන් යළි බංග්ලාදේශයට පැමිණෙන බව ඇය අවධාරණය කර තිබේ.
“මාව සිරගත කළත්, මාව මැරුවත් මම මගේ ජනතාව ළඟට ආපහු යනවා” යැයි ඇය ප්‍රකාශ කර ඇති අතර, අවාමි ලීක් (Awami League) පක්ෂය මත පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඇය ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, ෂීක් හසීනාගේ මෙම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, ඉන්දීය භූමියේ සිට ඇයට මෙලෙස මාධ්‍ය ඇමතීමට ඉඩ ලබා දීම බංග්ලාදේශයේ ස්වෛරීභාවයට එල්ල වූ බලවත් අභියෝගයක් බව පවසා ඇත.
