August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“මලයනාඩු” සටනකට වතුකරයේ ඇතුළත වැඩ !

1 min read

“වතුකරයේ ජනතා හඬ” නැමැති සංවිධානය විසින් (Voice of Plantation People Organization – VOPP) මේ වන විට ප්‍රජා නායකත්ව වැඩමුළු පවත්වමින් “මලයගම්” ජනතාව වෙනම සංවිධානය වීමේ අවශ්‍යතාව පිළිබඳ දේශපාලන අදහස වපුරමින් ක්‍රියාත්මක වේ. එහි වත්මන් විධායක අධ්‍යක්ෂක ඇන්තනී ජේසුදාසන්, මේ මගින් සිදු කරමින් ඇත්තේ අනාගත “මලයනාඩු” සටනකට උවමනා කරන මූලික මානසිකත්වය වතුකරයේ ප්‍රජා නායකයන් තුළ සූක්ෂමව ඇති කිරීම බව බුද්ධි අංශ වාර්තා පෙන්වා දේ.

ඉතිහාසයේ පළමුවතාවට, වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා “මලයගම් ජනතාව” ලෙස අනන්‍යතාකරණයට ලක් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේ දී ය. ජාතික ජන බලවේගය නමින් නිකුත් කෙරැණු එම මැතිවරණ ප්‍රකාශනයේ, මලයගම් අනන්‍යතාව පිළිගෙන කරුණු දක්වා තිබුණේ මෙසේය.

“හැටන් ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම 2023 ඔක්තෝබර් 15 දින ජාතික ජනබලවේගය විසින් ප්‍රකාශයට පත් කරන ලද “හැටන් ප්‍රකාශනය” මගින් පිලිගත් පරිදි, මලයගම් දෙමළ ප්‍රජාවගේ අනන්‍යතාවය සහ අයිතිවාසිකම් නීතිමය වශයෙන් තහවුරු කිරීම.”

“වතුකරයේ ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි නිලධාරින්, සේවකයන් සහ පරිවර්තකයන් ප්‍රමාණවත් පරිදි අනුයුක්ත කර රාජ්‍ය සේවා ලබාගැනීමේ දී පවතින භාෂා බාධකය ඉවත් කිරීම”

ජනප්‍රිය පුවත්  ව්‍යාපාරිකයෝ කැළඹෙති ! නියෝජ්‍ය ඇමති හැමතැනම වටලයි !

මේ ආදී සියලු ප්‍රතිපත්තිමය පිළිගැනීම ජ.වි.පෙ. සිදුකරන ලද්දේ “මලයගම් දෙමළ” නැමැති නව ජාතිකත්ව අනන්‍යතාවයක් නිර්මාණය කරමින් ය.

ඒ අනුව, එම පියවර ඉදිරියට ගෙන යමින් “මලෛයහ” කාන්තාවන් සවිබල ගැන්වීම සහ ප්‍රජා නායකත්ව පුහුණු වැඩසටහන් සඳහා යැයි කියමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මගින් “වතුකරයේ ජනතා හඬ” සංවිධානයට විශාල වශයෙන් අරමුදල් සම්පාදනය කරමින් තිබේ. එමෙන්ම, ජාත්‍යන්තර සහන සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස පිළිගැනෙන “ඇකවුන්ටබිලිටි ලැබ්” (Accountability Lab) ආයතනයේ අරමුදල් යොදවා මේ වන විට වතුකරයේ තරුණ තරුණියන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඩිජිටල් මෙවලම් පිළිබඳ පුහුණු වැඩමුළු (Digital Democracy Training) පවත්වමින් තිබේ. මේවායේ අප්‍රකාශිත අරමුණු වී ඇත්තේ, “මලෛයහ” අනන්‍යතාව බලගන්වා ක්‍රමානුකූලව වෙන්වීමේ සංකල්පය ජනගත කරවීම වේ. ප්‍රෙස් බිටේරියන් ආපදා සහන අංශය වැනි තවත් විදේශීය සංවිධාන මගින් ද මේ සඳහා අරමුදල් සපයා දෙමින් තිබේ. ඒ අතර USDID, Care Interational & Plan International ආදී සංවිධාන ද වේ’

“මලෛයහ” අනන්‍යතාව ඔලුවට කාවද්දා අනාගතයේ දී “මලෛයහනාඩු” වෙනම රාජ්‍ය සටනකට උවමනා කරන බීජ වැපිරීම මෙම ක්‍රියාදාමයේ නිශ්චිත නිරාවරණය නොවූ අරමුණ වී තිබේ.

ජනප්‍රිය පුවත්  සලේ මාරාන්තික උපවාසයක ! ආහාර ගැනීම නතර කරයි !

අපගේ ගවේෂණ කණ්ඩායම සොයාගත් කරුණු අනුව, වත්මන් ආණ්ඩුව ඉඩම් හා නිවාස ලබාදීමේ දී, අනාගත “මලෛයහනාඩු” අප්‍රකාශිත සිතියම සම්පූර්ණ වන අයුරින් එය සිදුකරනු ලබන බව ද හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව අවදියෙන් සිටින අප ගවේෂණ අංශය, මේ ගැන තවදුරටත් ඔබ දැනුවත් කිරීමට සූදානමින් සිටී.

  • ජාලිය සඳුන් රණ්දුනුගේ

ඇන්තනී ජේසුදාසන් ස්විට්සර්ලන්ත තානාපති සමග

ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x