NEET එකට ඉන්න බැරි වූ ඉන්දියාවේ තරුණයන් 21 ක් දිවි නහගෙන
1 min read
පසුගියදා ඉන්දියාවේ රාජ්‍ය විරෝධී ශිෂ්‍ය උද්ඝෝෂණය අවසන් වූයේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව කැරපොතු ජනතා පක්ෂය (CJP) යන හාස්‍ය නාමයෙන් තමන්ව හඳුන්වාගත් තරුණ ශිෂ්‍ය ව්‍යාපාරය මේ විරෝධතාවන් සංවිධානය කරනු ලැබුවේ වර්තමාන ඉන්දීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංශෝධනය කළ යුතුය යන අරමුණ මත පිහිටමිනි.
ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලට වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගැනීම සඳහා පවත්වන විභාගය හැඳින්වෙන්නේ ජාතික සුදුසුකම් ලැබීමේ ප්‍රවේශ පරීක්ෂණය (NEET) ලෙසිනි. නමුත් මෙවර එය පැවැත්වීමට පෙර ප්‍රශ්නපත්‍ර පිටවීමක් හේතුවෙන් රජය විසින් අදාළ විභාගය අවලංගු කළේ ය. CJP නැගිටීමට ප්‍රධාන අත්වැල සැපයුවේ මෙම අවලංගු කිරීමයි.
දැනට අනාවරණය වී ඇති ආකාරයට NEET පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි වූ ඉන්දීය ශිෂ්‍යයන් 21 කට වැඩි පිරිසක් එය දරාගත නොහැකිව සියදිවි හානිකරගෙන තිබේ.
විභාගය අවලංගු කිරීම හේතුවෙන් නැවත ඊට පෙනී සිටිය යුතු ශිෂ්‍යයන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්නය.
මෙම තරුණ ශිෂ්‍යයන්ගේ මරණ CJP උද්ඝෝෂණ තීව්‍ර වීමට දැඩි ලෙස බලපෑවේය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ වරද පිළිගෙන අධ්‍යාපන ඇමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
කෙසේ වුවත් තත්ත්වය උග්‍රවන තෙක්ම ඉල්ලා අස්වෙන්නට ධර්මේන්ද්‍ර ප්‍රධාන් පියවර ගත්තේ නැත. අවසානයේදී සිදු වූ ධර්මේන්ද්‍රගේ ඉල්ලා අස්වීම අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ලැබූ විශාල පරාජයක් ලෙස සැලකේ.
NEET පරීක්ෂණය කල් දැමීම හේතුවෙන් මියගිය එක් අයකු වුයේ අහමද්‍රබාද් හි වැසියකු වන කහාන් පටේල් නම් 17 හැවිරිදි ශිෂ්‍ය්‍යාය.
කහාන්ගේ පියා වන ප්‍රශාන්ත් පටෙල් ප්‍රකාශ කර ඇති දේ ඔහුගේ NEET විභාග ප්‍රතිඵල මත කහාන්ගේ පවුලේම අනාගතය රැඳී තිබූ බවයි. ඔවුන් ගුජරාටයේ අහමදාබාද් වෙත පැමිණ ඇත්තේ කහාන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙනි.
රාජස්ථාන්හි ජුන්ජුනු ප්‍රදේශයේ වාසය කළ ප්‍රදීප් කුමාර් නම් 23 හැවිරිදි තරුණයාද සියදිවි නසාගෙන ඇත්තේ රජය විසින් NEET පරීක්ෂණය කල් දැමීම පිළිබඳ ඇති වූ වේදනාවෙනි. ඔහු වෛද්‍යවරයකු බවට පත් කිරීම සඳහා යන වියදම් වෙනුවෙන් ප්‍රදීප්ගේ පියා රාජේස් විසින් ඉඩමක් විකිණීමෙන් හා ණයට ගැනීමෙන් රුපියල් මිලියනයක මුදලක් එකතුකරගෙන තිබිණි.
මේ සියදිවි නසාගත් දරුවන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ විවිධ සමාජයීය මට්ටම්වලට අයත් තරුණයන්ය. නමුත් ඔවුන්ගේ සමීප ඥාතීන් සියලු දෙනාටම ඇත්තේ එකම පොදු ප්‍රශ්නයකි. ඒ රජයේ වරදක් මත අහිමි වූ සිය දරුවන්ගේ ජීවිතවලට ලැබෙන සාධාරණත්වය සම්බන්ධයෙනි.
‘‘මට වන්දි අවශ්‍ය නැහැ. මා ඉල්ලා සිටින්නේ සාධාරණත්වයයි’’
ප්‍රශාන්ත් පටෙල් පවසයි.
සති කිහිපයක් තිස්සේ කරන ලද උග්‍ර විරෝධතාවල ප්‍රතිඵලයක් වශයෙන් ජූලි 25 වැනිදා අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය. සියදිවි නසාගත් තරුණයන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ රජය පැවැසුවේ පවතින තත්ත්වය යටතේ උපරිම වන්දි දීමට පියවර ගන්නා බවය.
සමස්ත ඉන්දීය පූර්ව වෛද්‍ය විද්‍යාල පරීක්ෂණය( ALPMT) ලෙස හැඳින්වෙන ජාතික සුදුසුකම් ලැබීමේ ප්‍රවේශ පරීක්ෂණය (NEET(US)) පවත්වනු ලබන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස ඉන්දීය සරසවිවලට බඳවා ගැනීම සඳහාය. විභාග සඳහා ඉදිරිපත්වන ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව හා සසඳන විට එය ඉන්දියාවේ පැවැත්වෙන විශාලතම තරග විභාගය වේ.
