August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අයහපත් කාලගුණයෙන් ජීවිත 6ක් අහිමි වෙයි-එක් අයෙකු අතුරුදන්

1 min read

සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දියේ ගිලීමෙන් තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (03) දහවල් ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පොල්පිටිය, මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු පස්වලට යටවී මියගොස් තිබේ. මීට අමතරව, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම අනතුර හේතුවෙන් නාවලපිටිය – දොලොස්බාගේ මාර්ගයේ 2 වන කණුව අසල ප්‍රදේශයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.

තවද, ඊයේ සවස වටවල, ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා වැටී ඇති පාලම මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි ප්‍රදේශවාසී පුද්ගලයෙකු ගඟට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇත.

මේ අතර, ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී තිබූ මාර්ගයක ගමන් කළ 45 හැවිරිදි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  රෝගීන් ඉන්දීය බිල්ලට දුන් හොර ගිවිසුම හෙළි වේ!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x