August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුරේ තවත් සමූහ මිනීවලවල් පහකට OMP කාර්යාලය පොලිස් ආරක්ෂාව ඉල්ලයි

1 min read

යාපනයේ දුපත් කලාපයේ සමුහ මිනි වළවල් ඇති බවට පැමිනිලි ඉදිරිපත් වී ඇති ස්ථාන වලට පොලිස් ආරක්ෂාව සපයන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

OMP කාර්යාලය එම ඉල්ලීම කර ඇත්තේ තිස් පස් වසරකට ඉහතදී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති උතුරේ ස්ථාන පහක කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් විසින් ගොනු කර ඇති නඩුව ජුලි 28 වැනි අගහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත් අවස්ථාවේදිය.

දසක තුන හමාරකට ඉහතදී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් 2025 අගෝස්තු මාසයේදී කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනි. එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව 2026 ජුලි 28 වැනි අගහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අනිපා රජීව් ඉදිරියේ යළි විභාගයට ගැනුණි.

ජනප්‍රිය පුවත්  වහා නිලවරණය තියන්නැයි ICC දන්වයි.. නැතොත් වාරණයක්..


එම පැමිනිල්ල ඉදිරිපත් කිරීමට මුලිකත්වය ගත් වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ අදාල නෛතික කටයුතු නිමාවීමෙන් පසු කෑනීම් කටයුතු සිදු කිරිම සදහා අවශ්‍ය මුදල් වෙන් කර දිය හැකි බව OMP කාර්යාලය අධිකරණයට දැනුම් දුන් බවයි.

“ පැමිණිලිකරුවන් සඳහන් කරන තැනට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න ඕනේ කියලත්, ඒ ඉඩමේ ඉතිහාස වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ කියලත් මේ සම්බන්ධයෙන් කුරුක්කල්මඩමේ චෙම්මනියේ කළා වගේ පරිපාලන රැස්වීමක් පවත්වන්න, ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය, ප්‍රාදේශීය සභාව, අධිකරණ වෛද්‍ය නිලධාරියා යන අය රැස්වෙලා පරිපාලන රැස්වීමක් පවත්වලා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ලැබුණාට පස්සේ මේකට වැය වන මුදල් ප්‍රමාණය වෙන් කරලා දෙන්න පුළුවන් කියලා කිව්වා. ඒකට සවන් දුන් විනිසුරුවරුන් වාර්තා ඉදිරිපත් කරන්න ලබන සැප්තැම්බර් 22 වෙනිදා දක්ව නඩුව කල් තිබ්බා. ”

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ කොට්ඨාසය අතිරේක සාක්ෂි සම්බන්ධ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පුර්ණිමා මරියනාගයම් සහ යාපනය සම්බන්ධිකාරක ටී. සෙල්වකුමාර් අධිකරණයට පැමිණ සිටි බවයි. නඩුව සැප්තැම්බර් 22 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

ජනප්‍රිය පුවත්  කථානායකට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්!

යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් 2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනි. ඒ ළිඳේ දමා ඇති බවට විශ්වාස කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහු එදින වැඩි දුරටත් හෙළි කර තිබුනි.

තිස් පස් වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන ද සිහිපත් කළ ප්‍රාදේශීය සභිකයා අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගන්නා ලද අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි. හමුදාව සිය භාරයට ගත් අයගෙන් පිරිසක් ඝාතනය කර ළිංවලට දැමු බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින තව දුරටත් හෙළි කර තිබුනි.

නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් පසු ගිය වසරේ මුල් වරට හෙළි කර තිබුනේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි. කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාධාරීන් පෙන්වා දෙන පරිදි සිරිලක් දෙරණ පුරා සමූහ සුසාන විශාල සංඛ්‍යාවක් විසිරී පවතී.

ජනප්‍රිය පුවත්  කල් ඉකුත් වූ හා ප්‍රමිතියෙන් බාල බෙහෙත් විනාශ කරන්නත් කෝටි 12ක් ගෙවලා!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x