July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන “නඩු බලවා” හම්බකරපු දේපොළ මෙන්න !

1 min read

2026.01.12 දින විශ්‍රාම යා යුතුව තිබූ නමුත්, නීති විරෝධීව තවදුරටත් අගවිනිසුරු ධූරයේ රැඳී සිටින දේවගැති ප්‍රීති පද්මන් සූරසේන තම දරුවන්ගේ නම් වලින් රැස්කර ඇති අතිවිශාල දේපොළ තොගයක තොරතුරු අප වෙත ලැබෙමින් තිබේ.

එහි පළමු අණාවරණය වන්නේ, කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටි “The Grand” (Prime Grand) සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ 12 වැනි මහලේ වන 1206 දරන සුඛෝපභෝගී නිවස යි.

මහල් 37 කින් සමන්විත “The Grand” නිවාස සංකීර්ණය, කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එකම අහස උසට විහිදෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වේ. දේවගැති හොර අගවිනිසුරුගේ වැඩිමහල් පුත් දමිතු පද්මන් සූරසේනගේ හා ඔහුගේ බිරිඳ වන ශනෙල් පෙරේරාගේ නමට මෙහි 12 වැනි මහලේ ඇති කාමර 3 ක් හා නාන කාමර 3 ක් සහිත නිවස (වර්ග අඩි 1760 කි) මිල දී ගෙන ඇත්තේ රුපියල් මිලියන 175 කට ය. මෙම මිල දී ගැනීම සිදුව ඇත්තේ 2025 මැයි මාසයෙන් පසුව ය.

ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන්නේ 2019 දී ය. එවකට සිටි අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසුව, ජනාධිපති අනුර කුමාර දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව අගවිනිසුරු බවට පත්කරන්නේ 2025 ජූලි 27 දා ය. මේ කාලය තුළ ඔහු යටතේ විභාග කරන ලද නඩු ගණනාවකම ලබා දී ඇති තීන්දු සඳහා විශාල අල්ලස් ප්‍රමාණයක් වැඩිමහල් පුතු දමිතු පද්මන් සූරසේන හරහා උපයාගෙන තිබේ.

ජනප්‍රිය පුවත්  CSN අළුතෙන් එයි !

දමිතු පද්මන් සූරසේන කනිෂ්ඨ නීතිඥයකු ලෙස වැඩ කරනුයේ ජනාධිපති නීතිඥ අසංක ගුණවංශගේ ප්‍රධානත්වය යටතේ වන “Colombo Law Alliance” නැමැති වානිජ නීති ආයතනය සමග හා “Metropolitan Chambers” නැමැති ජාත්‍යන්තර සහ දේශීය බේරුම්කරන නඩු සඳහා විශේෂඥ සේවා සපයන ආයතනය සමඟ ය. මෙම නඩු කටයුතු සියල්ලම සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය හමුවේ ය.

පිය-පුතු කල්ලිය එක් වී මේ හරහා අධිකරණය වෙත යොමු කෙරුණු නඩු විභාගයන් හි තීන්දු, විශාල ප්‍රමාණයෙන් මුදල් ලබාගෙන එක් පාර්ශවයකට අවශ්‍ය පරිදි ලබා දී තිබේ. මේ පූර්ව තීන්දුවක් සහිතව විභාග කරන ලද නඩු බොහෝමයක් “Colombo Law Alliance” නීති ආයතනය හරහා යොමු කරන ලද නඩු වේ.

ප්‍රීති පද්මන් සූරසේන උපයා ඇති මෙම අනීතික ධනය යොදවා මිල දී ගත් දේපළ බොහෝමයක් ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුතු දමිතු පද්මන් සූරසේනගේ නමින් ය.

දමිතු පද්මන් සූරසේන හා ශනෙල් පෙරේරා විවාහ වූයේ 2025 මැයි මාසයේ දී ය. මෙම නිවස මිල දී ගෙන ඇත්තේ එම විවාහයෙන් පසු 2025 අග දී ය. මෙම අනීතික ධනය රැස් කිරීමට ඇති පෙරේතකම නිසා 2026.01.12 දින නියමිත පරිදි විශ්‍රාම යා යුතුව තිබූ සූරසේන, සිය විශ්‍රාම යාමේ දිනය ලෙස 2026.12.01 ලෙස පෙන්වා අනීතිකව තවදුරටත් ධූරයේ රැදී සිටී. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර මගින් විශ්‍රාම යන වයස වසර 2 කින් දීර්ඝ කරගැනීමේ සූරසේන රීලෝඩ් ව්‍යවස්ථා සංශෝධනයක් ද දැන් ගෙන එමින් තිබේ. ඔහු සතු ඉතිරි දේපළ එකින් එක ඉදිරියේ දී අණාවරණය කිරීමට අපි කටයුතු කරන්නෙමු.

  • The Underground News ගවේෂණ අංශය
ජනප්‍රිය පුවත්  මහානායක හිමිවරු ජනපතිට අනතුරු අඟවති !

දමිතු පද්මන් සූරසේන

එවකට ජනාධිපති ලේකම්ගේ ඉල්ලීම පරිදි ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා තමන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ උපන් දින හා විශ්‍රාම යන දිනය ඇතුළත් කර යවන ලද ලේඛණය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x