July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුද හමුදා ප්‍රධානින් අසතුටෙන් !

1 min read

ජනාධිපති අනුර කුමාර විසින් 2024.12.31 දින යුද්ධ හමුදාපති ලෙස ලසන්ත රොද්‍රිගු පත් කරන ලද්දේ ඔහු ගැන තිබූ පූර්ව අවබෝධයක් මත පිහිටා නොව, එවකට ඇමරිකානු තානාපතිනිය ලෙස ක්‍රියා කළ ජූලි චංග් ගේ උපදේශය මතය. එලෙස පත් කළ යුද්ධ හමුදාපති රාජකාරියෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2024.07.31 ය. එහෙත් එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් 2026.07.31 දක්වා ලසන්ත රොද්‍රිගු ගේ සේවා කාලය දික් කළේය.

ඔහුට ලබාදුන් සේවා දිගුව හේතු කොටගෙන, හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල දොලගේ මහතාට සිදුවූයේ හමුදාපතිධුරය නොලබා විශ්‍රාම යාමට ය. දැන් ඉහත කී සේවා දිගුව මත තමන්ට හිමිවිය යුතු හමුදාපතිධුරය නොලැබී විශ්‍රාමයාමේ අවධානමට ලක්ව සිටින්නේ යුද්ධ හමුදාවේ දෙවන ස්ථානය හොබවන මණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මානද යහමිපත් ය. ඔහු විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ 2026.05.28 ය.

මේජර් ජෙනරාල් මානද ගේ මේ වනවිට සේවා දිගුවක් ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එහෙත් එම ලිපිය ආරක්ෂක ලේකම්වරයා විසින් තම භාරයේ රඳවා තබාගෙන ඇත.

ජනප්‍රිය පුවත්  සජිත් සමඟ සිටින සුළු පක්ෂ අද රෑ රනිල් හමුවේ !

වත්මන් යුද්ධ හමුදාපතිගේ පාසල් මිතුරෙකු වන මේජර් ජෙනරාල් රොහාන් වෙත්තසිංහට මෙන්ම මහින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරියක් ලෙස කටයුතු කරන මහේෂා නැමැත්තියගේ ස්වාමිපුරුෂයා වන මේජර් ජෙනරාල් දීප්ත ආරියසේන යනාදීන්ට ජනාධිපතිවරයා විසින් වසර බැගින් වූ සේවා දිගු මීට ඉහත දී ලබා දී තිබේ.

අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව, මේජර් ජෙනරාල් මානදගේ සේවා දිගුවක් නොලබා විශ්‍රාම ගන්වා, තම සේවා දිගුව නිමා වන විට තමා සේවය කළ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න (හමුදාවේ තුන්වෙනියා) හෝ එම රෙජිමේන්තුවේම වර්තමාන යුද්ධ ලේකම්ධූරය හොබවන මේජර් ජෙනරාල් BGS ෆර්නෑන්ඩු හෝ මීලග යුද්ධ හමුදාපති බවට පත් කිරීම වත්කම් යුද්ධ හමුදාපතිවරයාගේ අරමුණ වී තිබේ. ආරක්ෂක ලේකම් තුයියකොන්තා ද එම උවමනාව ඉටු කිරීමට ක්‍රියා කරන බව ද පැවසේ.

කෙසේ වෙතත්, මේජර් ජෙනරාල් මානද යහම්පති යුධ සටන්බිමෙහි විශේෂ බලකා (SF) නිලධාරියකු ලෙස ප්‍රභලව දායක වූ අයෙක් වේ. යුද හමුදාපතිධුරය නොලැබ විශ්‍රාම යාමට සිදුවීමට එය ද හේතු වී ඇතැයි පැවසේ.

  • ආරක්ෂක වාර්තාකරු –
ජනප්‍රිය පුවත්  දැන් මාලිමාවට 83 යි ! නවතම සමීක්ෂණයකින් හෙළි වේ !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x