September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අරගලයෙන් පසු හුන්ඩු ලංකාව!

1 min read

2022 අරගලයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු, පොදු ජන විඥානය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

අරගලය ෆිසිකලි කවුරු මෙහෙයුවත් අරගලයේ කෝර් මතවාදය ඇල්ලුවේ සහ පාලනය කළේ ජවිපෙ.
අද අපේ රටේ මිනිස්සුන්ගේ පොදු ජන විඥානය තමයි ඊර්ෂ්‍යාව, කුහකකම.

මිනිස්සු ස්ට්‍රගල් එකක ඉන්නේ. ඒක ඇත්ත. හැබැයි මිනිස්සු ඒ ස්ට්‍රගල් එකෙන් ගොඩයන්න හදන්නේ වැඩ කරලා මහන්සි වෙලා නෙවෙයි.

අනිත් මිනිස්සුත් තමන්ගෙම ස්ට්‍රගල් එකට දාගෙන, හිත හදාගන්න මිනිස්සු හුරු වෙලා.

මීටර් සීය තත්පර දහයට අඩුවෙන් දිවීම කොච්චර විශාල ඇචීව්මන්ට් එකක්ද කියලා රටේ මිනිස්සුන්ට වැටහීමක් නැහැ.

ඒක වෙනුවෙන් කරන්න ඕන කැපකිරීම මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ.

ඒ ලෙවෙල් එකට යන්න තරුණයෙක් ජීවිතේ හොඳම කාලය රූටීන් එකකට හැඩ ගැහෙන්න ඕන.
හැමදාම උදේ නැගිටලා ජිම් යන්න ඕන.

කන්න පුලුවන් ලුණු සීනි නැති මෙලො රහක් නැති කෑම විතරයි.

දවසට පැය ගානක් බාල්දි ගානක දහදිය හෙලන්න ඕන.

මට වෘත්තීය ක්‍රීඩකයෙක් කිව්වා පුහුණුවීම් ඉවර වෙද්දි වොමිට් වෙලා ඇඟට පන නැහැ. ඒ වගේම ඇඟ මාංශ පේශී ගල් වෙලා කියලා.

ඒ තමයි අද තරගකාරී ක්‍රීඩාව විසින් ඉල්ලන මට්ටම.

(එහෙම බැරි නම් ඔයා ක්‍රිකට් ගහන්න)

කැමති වුනත් නැතත් මේ මට්ටමේ ක්‍රීඩකයන්ට යාලුවො හමුවෙන්න, රෑට යාලුවො එක්ක කන්න බොන්න බෑ.
රෑ නවය වෙද්දි නිදාගන්න ඕන.

ඔය බෝරිං ජීවිතය ගත කරලත්, ඔය කට්ට කාලත් එහෙමත් ක්‍රීඩකයෙකුට විතරයි මීටර් සීය තත්පර දහයට අඩුවෙන් දුවන්න පුලුවන්.

ජනප්‍රිය පුවත්  මේ විහිළුවල අවසානය කුමක්ද? මොඩියුල් විහිළු පිටුපස ඇති ඇක්ටිවිටි අන්තවාදයේ කතාව

ඒ ජීවන රටාවට කන්න උවමනා කෑම තියෙනවා. විටමින්ස්, බෙහෙත් තියෙනවා.

ජාත්‍යන්තර පුහුණුකරුවන්ට සෙෂන් එකකට ගෙවන්න ඕන මිලක් තියෙනවා.

පුහුණු ඇඳුම්, පුහුණු සපත්තු වලට වෙනම මිලක් යනවා.

තරග වලට භාවිතා කරන ඇඳුම්, සපත්තු තවත් මිලයි.

ඒ මට්ටම මේ ලංකාවේ රුපියල් ලක්ෂ ගණන් වලට වඩා ගොඩක් උඩින්.

හැබැයි මෙහෙමයි, ලංකාවේ මිනිස්සුන්ගේ තෝරා ගැනීම ඒක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

ලංකාවේ මිනිස්සු ඉන්නේ දැන් කවුරුත් සැප විඳිනවා බලන් ඉන්න බැරි තැනක.

මිනිස්සු තමන්ගේ හිත හදාගන්න, තමන්ට වඩා පහළින් ඉන්න මිනිස්සු හොය හොය අනුකම්පා කරන තැනක ඉන්නේ.

ඒකයි ෆේස්බුක් එකේ ගංකඹර කන්ටෙන්ට් වෛරල් වෙන්නේ. ගම් වල පොල් ගස් නගින, පැලක ඉඳන් පොලුයි බතුයි කන, කුණුහරුප කියන මිනිස්සු දැන් වීව්ස් මිලියන ගණන් ගන්නේ.

‘දෙයියන්ට ස්තූති වේවා, අපි හිතුවට අපි දුක් විඳිනවා කියලා අපිට වඩා දුක් විඳින මිනිස්සු මේ ඉන්නේ.’ කියලා මිනිස්සු හිත හදාගන්නවා.

අර කන්ටෙන්ට් වලට හාර්ට් දාලා බුදු සරණයි කියලා කමෙන්ට් දාලා සැනසීමේ නිදාගන්නවා.

(ටික කාලයක් ගියාම ඒ කන්ටෙන්ට් කරලම අර දුප්පත් මිනිස්සු ටිකක් උඩ තලයට යනවා. අර අනුකම්පා කරපු මිනිස්සුන්ට වඩා නිදහස්, ස්ටේබල් ජීවිතයක් ලඟා කරන්නවා.

අන්න එතැන ඉදලා මෙතෙක් අනුකම්පා කරපු මිනිස්සු ‘ඔය යකා නිහතමානී නෑ, ඔය යකාට මුල මතක නෑ’ කියලා ගහන්න ගන්නව. කැන්සල් කරලා දානවා.

මේක මරු කේස් ස්ටඩියක්.

ජනප්‍රිය පුවත්  මැති ඇමතිවරුන්ගෙ වත්කම් ජනතාව දැනගැනීමෙ අයිතියට තිත….!

අපේ රටේ ‘හදවතේ අරයා, මෙයා’ වෙන්නෙත් ඔය සල්ලි සහ ලයිෆ් ස්ටයිල් එක ශෝ ඕෆ් නොකරන, ‘ඊනියා’ බුවාලා වෙන්නෙත් ඒකයි.

කලාකරුවෙක් වුනත් කාලා ඇඳලා ඉන්නවා දරාගන්න බැහැ. එහෙම වුනොත් ඒ බුවා නිහතමානී නැහැ.
සල්ලි තිබුණත් ගංජා ගහලා, සරමක් ඇඳන්, ගල් බෝතලේ ගහලා ඉන්නවා නම් අන්න නිහතමානී හදවතේ ගායකයා.

හැබැයි සාම්ප්‍රදායික ලාංකිකයා මේ තරම් කුහක නැහැ.

ඉස්සර ලාංකිකයා සහ ගැමියා කියන්නේ බුදු දහමෙන් පෝෂණය වෙච්ච, අට ලෝ දහම තේරුම් ගත්තු සෑහෙන බුද්ධිමත් මනුස්සයෙක්.

දැන් අපි බුදු දහම වුනත් අල්ලගෙන තියෙන විදිය බලන්න.

ඉස්සර බුදු දහම ආශ්‍රිත කලා කෘති කොච්චර උසස් ද , ලස්සන ද.

ඉඩ පාවිච්චි කරලා තියෙන විදිය බලන්න පන්සල් සහ බුදු පිළිම ආශ්‍රිතව.

ස්වාභාවික සුන්දරත්වය යූස් කරලා තියෙනවා උපරිම. ඉතාම දියුණු නිර්මාණ ශිල්පයක්.

අද මෝඩර්න් ගෘහ නිර්මාණ ශිල්පයේ සංකල්ප, නිදහස, ඉඩ, නේචර් අපි වසර දෙදාහකට කළින් වින්දා.
දැන් පන්සල්, බුදු පිළිම බලන්න.

හැමතැනම කොන්ක්‍රීට් ගොඩවල්. ඉඩ සහ නිදහස අවමයි. බ්ලොක්ස් වගේ පුරවලා. කැතයි.
දැන් බුදු පිළිමයක් වුනත් අඹාගන්න පුළුවන් මනුස්සයෙක් රටේ නැහැ.

ඉස්සර අපි බුදු දහම කිව්වේ ඔය ගැඹුරු අභිධර්මයට. අපේ රටේ සාමාන්‍ය ගැමියට බුදු දහමේ මූලික හරය ගැන අවබෝධයක් තිබුණා.

උගත් ගැමියා අභිධර්මය දැනන් හිටියා.

දැන් බුදු දහම කියන්නේ කත්නෝරුවේ බුවාගේ බණ වලට. අර ගැඹුරු හඩින් කියන බයිලා වලට.

ජනප්‍රිය පුවත්  “ හැලෝවින් “ බෞද්ධයෝ සහ ඔගස්ටින් ලා

දැන් අභිධර්මය දේශනා කළොත් එතන කවුරුත් රැඳෙන්නෙ නැහැ. හේතුව මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ.
කොච්චර අපි බුද්ධි මට්ටමින් පහලට වැටිලද ?

මේ විනාශය කාලයක් තිස්සේ රටට කළේ කොමියුනිස්ට් චින්තනය. මේකේ පීක් එක තමයි 2022 අරගලය.

දැන් මිනිස්සුත් ඉන්නේ ගමේ කොස් දෙල් කාලා, දුක් විඳලා දුවපල්ලා, ක්‍රීඩකයොන්‍ට සැප උවමනා නෑ කියලා නම් අපි ඒ යථාර්තය පිළිගමු.

ඒකට ඉඩ දෙමු.

හැබැයි ආයේ ලංකාවේ යුපුන්ලා බිහි වෙන්නේ නැහැ.

යුපුන්ලා මිල අධික ක්‍රීඩකයො. යුපුන්ලා ලක්ෂ දෙක තුනෙන් නඩත්තු කරන්න බැහැ.

ලක්ෂ දෙක තුනෙන් නඩත්තු කරන්න පුලුවන් සීමාව තමයි 1948 න් පස්සේ එකම එක ඔලිම්පික් පදක්කමක් විතරක් තිබීම.

ඒ පදක්කමත් ලැබුණේ දිනපු මනුස්සයා ඇමෙරිකාවේ ගිහින් කාලා බීලා එහේ පුහුණුවෙච්ච නිසා.
ඒ යථාර්තයත් පිළිගමු.

මේ හැම දෙයක්ම පුද්ගලිකව මට නම් ලාංකිකයා අවබෝධ කර ගැනීමට සහ තේරුම් ගැනීමට ඉවහල් වෙන සමාජ පරීක්ෂණ.

හැබැයි මෙහෙමයි!

ජෙප්පො එළිපිට යුපුන්ලට වෛරය වැපිරුවට, රටට අභිමානයක් තියා මෙලො දෙයක් නොකර ජෙප්පො එක්ක හොරකම් කරන ඩයල් ඉන්මවා.

ඔය ඉතින් ඩිලාන් ආරියවංශ වගේ මිනිහෙක් කිසිම වැඩක් නොකර, මාසෙට ඩොලර් ලක්ෂ තුනක් රටෙන් ගන්නේ.

කවුරුත් ඒවට විරුද්ධ වෙන්නේ නැහැනෙ ?

ඒ තමයි අළුත් ශ්‍රී ලංකාව!

  • Sachin Rathwatte

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x