July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා ආණ්ඩුවේ වාම ලිබරල් වෝක් ව්‍යාපෘතියේ පෙරගමන්කාරිය තමයි හරිනි අමරසූරිය.

1 min read


හරිනි ජවිපෙ පොලිටික්ස් වලට එන්න කළින් ඔය කොන්ඩෙ කපන්, පූසො ඇති කර කර, බෝර්ඩ් අල්ලන් ඉන්න කොළඹ ලිබරල් ෆෙමිනිස්ට් කාන්තාවන්ගේ සංගමයේ සාමාජිකාවක්.
පස්සෙ ජවිපෙන් ඇයට මන්ත්‍රීධූරයක් ලැබුණා. ඊටපස්සේ වෝක් NGO සියල්ල හරිනි වටේ එකතු වුණා. හරිනිට ෆන්ඩ් කළා.
ලංකාවේ වෝක් ව්‍යාපෘතියේ නායිකාව හරිනි.
වර්තමාන රජයේ අධ්‍යාපන ඇමතිවරියත් හරිනි. මුලින් හරිනි ඉතාම ප්‍රාථමික , වෝක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනල්ලා විහිළුවක් වුණා.
දැන් හරිනි මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵල වාර්තා කළ දරුවන් හෙළිකිරීම නවත්තලා.
මේ කතාවෙදි විභාග කොමසාරිස් ජනරාල්වරියගේ ෆොටො එක වැටුනට ඔය වැඩේ හරිනිගේ.
මොකද මේ ඉතාම තක්කඩි, ත්‍රාඩ වෝක් වැඩක් නිසා.
දුර්වලයන්ගේ හිත සනසන්න, ජයග්‍රාහකයන් සහ දක්ෂයන් කපලා දැමීම වෝක් වැඩක්.
දුර්වලයන්ගේ හිත රිදෙන නිසා ජයග්‍රහකයන් අහෝසි කිරීම වෝක් සංකල්ප.
නමුත් සාමාන්‍ය පෙළ ලංකාවේ හොඳම ප්‍රතිඵල වාර්තා කරපු දරුවන් හෙළි නොකිරීම ආණ්ඩුව මාකට් කළේ ටියුෂන් ගුරුවරුන්ට රිදවීමක් විදියට.
මොකද හැම දෙමව්පියෙකුම ළමයි ටියුෂන් පන්ති යැව්වට, ප්‍රජාවක් විදියට ටියුෂන් ගුරුවරුන්ට රිදවනවාට රටේ මිනිස්සු කැමතියි.
නමුත් සත්‍යය නම් ඔය වැඩෙන් ටියුෂන් ගුරුවරුන්ට රිදෙන්නේ නැහැ.
ඉස්සර ඉඳලා ටියුෂන් ගුරුවරු O/L විභාගයේ මාර්කට් කළේ තමන්ට තිබෙන A ගණන, A ප්‍රතිශතය ආදිය.
විභාගයේ ‘ඒ’ ප්‍රතිඵල ආදිය හංගලා නැහැනේ ? (මේ කට්ටියට පුළුවන් නම් ඒකත් කරනවා)
දැන් හෙට ඉදලා ලංකාවේ දෙමාපියො සාමාන්‍ය පෙළට ටියුෂන් යවන්නේ නැත්ද ?
ටියුෂන් ක්ෂේත්‍රයේ ලංකාවේ ප්‍රථමයා මාකට් වෙන්නේ සහ කරන්නේ උසස් පෙළ විභාගයට.
දැන් හරිනි උසස් පෙළ විභාගයෙත් ලංකාවේ ප්‍රථමයො හංගනවද ?
ඉතින් මේවා විහිළු තර්ක.
විභාගයකින් ලංකාවේ හොඳම ප්‍රතිඵල වාර්තා කරපු දරුවො පෙන්නද්දී කාගේ හරි හිත රිදෙනවා නම්, ප්‍රශ්නය විභාගයේ හෝ හොඳම ප්‍රතිඵල තියෙන දරුවාගේ නෙවෙයි.
ගැටලුව ඒ හිත රිදෙන මනුස්සයාගේ.
වෙන කෙනෙකුගේ ජයග්‍රහණයක් දරාගන්න බැරි තරම් වෛරයෙන් සහ කුහකකමෙන් පිරිච්ච පපුවේ.
මාලිමා ආණ්ඩුව විසින් මේ සනසමින් තිබෙන්නේ ඒ කුහකයො.
විභාගයක් කියන්නෙම මිනුම් දණ්ඩක්.
විභාගයක් තියෙන තැන ජයග්‍රාහකයො ඉන්නවා. පරාජිතයො ඉන්නවා.
ඒ තමයි මානව ශිෂ්ඨාචාරයේම විභාග වල හැටි.
අපිට ඊලග පරම්පරාව මොටිවේට් කරන්න උවමනා නම් අපි විභාගයේ සමතුන් ගැන, දක්ෂයො ගැන කතා කරන්න ඕන.
ඔවුන්ගේ කතාව සමාජගත කරන්න ඕන.
ඔවුන් පාස් වුණේ කොහොමද, අභියෝග ජයගත්තේ කොහොමද කියලා හෙළිකරලා ඔවුන් සමරන්න ඕන.
නමුත් හරිනිලා න්‍යායාත්මකව විශ්වාස කරන්නේ ඒක නෙවෙයි.
අමු කුහක වෝක් සංකල්පය. ඒ කියන්නේ පරාජිතයන්ගේ හිත රිදෙන නිසා ජයග්‍රාහකයා සහ ජයග්‍රහණ අහෝසි කර දැමීම.
මේ කරමින් ඉන්නේ ඒක.
දැන් මේ වැඩෙන් ලංකාවේ එක, දෙක, තුන වෙච්ච ළමයින්ගේ සතුට සහ මොටිවේෂන් එක කොච්චර නැති වෙන්න ඇත්ද ?
ඒ ළමයි උසස් පෙළට යන්නේ තමන් මොන තරම් “ස්පෙෂල්” ද කියලා නොදැන.
ලෝකයේ හැම රටකම ‘ගිෆ්ටඩ්’ , ‘ස්පෙෂල්’ ළමයි අගය කරනවා.
ඒ නිසා සාමාන්‍ය පෙළ දිවයිනේ ප්‍රථමයන් සැඟවීම, ටියුෂන් ගුරුවරු රිදවන්න කරපු වැඩක් වගේ බයිලා ගහන්න එපා.
සාමාන්‍ය පෙළ දිවයිනේ ප්‍රථමයො හැංගුවේ හරිනිගේ ඊනියා වෝක් ව්‍යාපෘතිය නිසා.
ඊලගට ඔය ව්‍යාපෘතිය සමස්ථ විභාග ක්‍රමයම කඩාකප්පල් කරලා දමන තැනට පුළුල් වුනත් ගණන් ගන්න එපා.

ජනප්‍රිය පුවත්  සාර්ථකත්වයේ රහස

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x