නාකි මයිනා තාත්තා සහ මයිනාගේ දූ ශාරදා
1 min read
ඔබට මතකද මාලිමා වේදිකාවේ ‘වයසක සීයා කෙනෙකුට ගෙදර යතුරවත් අපි දෙනවද?’ කියන ප්‍රසිද්ධ කතාව මුලින්ම ඇහුණු තැන.
ඒ කතාව කිව්වේ නිපුනි ශාරදා පතිරගේ.
ඇය මාලිමා කාන්තා වේදිකාවෙත් කොට්ටහච්චි ලා එක්ක කරට කර වැඩ කළා.
ඇගේ පියා මහින්ද පතිරගේ. ලංකාවේ විකට නළුවෙක්.
වයස අවුරුදු 74 යි. ඔහුත් මාලිමා වේදිකාවේ කථිකයෙක්.
ටිල්වින් සිල්වා වගේම ඔහුත් කොන්ඩය ඩයි කරලා, විග් දාගෙන ඉන්න මනුස්සයෙක්.
නිපුනි ශාරදාට අනුව ඇගේ තාත්තා දැන් ගෙදර යතුරවත් දීමට සුදුසු නැති මනුස්සයෙක්.
මේ දවස් වල තිරගත වෙන රංජන් රාමනායකගේ ඉතාම අවර ගනයේ, බාල, ලංකාවේ ය කියන්නත් ලැජ්ජා හිතෙන, ගොන් පාර්ට් චිත්‍රපටයක මහින්ද පතිරගේ රඟපානවා.
එහිදී ඔහු යට ඇඳුමක් පෙන්නලා ඉතාම බාල රඟපෑමක් කරනවා.
ඒ වගේම ඔහුගේ දියණියටත් වඩා වයසින් අඩු දැරිවියක් එක්ක අවර රූප රාමුවක ඉන්නවා.
චිත්‍රපටයක් නළුවෙක් අධ්‍යක්ෂනය කරන්නේ නැහැ. ඒක ඇත්ත.
හැබැයි නළුවෙකුට තමන්ට ලැබෙන චරිතයක් සහ එහි දර්ශන තෝරා බේරා ගන්න පුලුවන්.
අවුරුදු 74 ක් වන මහින්ද පතිරගේ සීයාට සිය යට ඇඳුම පෙන්න පෙන්න ගොන් පාර්ට් දැමීමයි, පොඩි ගෑනු ළමයෙක් ලව්වා පස්ස හපා ගැනීමටයි ඇති චරිතයක් ප්‍රතික්ෂේප කිරීමට ඩිග්නිටි එකක් තිබිලා නැහැ.
මම අහන්නේ තාත්තාගේ මේ දර්ශන දකිද්දී, ශාරදා පතිරගේට එහෙම ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?
රට හදන්න, නායකයො හදන්න, වයසක දේශපාලකයො විශ්‍රාම යවන්න ගියපු ඇය තමන්ගේ තාත්තා තාම මේ වගේ බාල චිත්‍රපට වල, බාල දර්ශන වල රඟපාන්න යවන්නේ ඇයි ?
මේ එතුමා ගෙදර යතුරවත් ගන්නේ නැතුව ඉන්න ඕන කාලය නේද ?
ඒක මහ දෙබිඩි හැසිරීමක් ශාරදා!
