July 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අසාද් මවුලානාට “චැනල් 4″ ට බොරු කියන්න සල්ලි දුන්නේ R.A.W. සංවිධානය !” – අසාද්ගේ මිතුරු හාරිස්

1 min read

පාස්කු ඉරිදා ප්‍රහාරය රාජපක්ෂලා බලයට ඒම පිණිස සිදුකරන ලද කුමන්ත්‍රණයක් ලෙස චැනල් 4 නාලිකාවට ගොස් පවසන්නැයි අසාද් මවුලානාට කීවේ ඉන්දියානු “රෝ” සංවිධානයේ ප්‍රධානියකු බව ස්විට්සර්ලන්තයේ පදිංචි, ශ්‍රී ලාංකිකයකු වූ හාරිස් නැමැත්තා අණාවරණය කර තිබේ. ඒ දෙමළ U Tube නාලිකාවක් සමඟ සිදු කරන ලද සාකච්ඡාවක දී ය.

හාරිස් මෙරට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව ඔහු ස්විට්සර්ලන්තයේ පදිංචියට ගොස් තිබේ. මෙරට දී හඳුනාගත් අසාද් මවුලානා තමන්ට දුරකථනය මගින් අමතා “මම ප්‍රංශයට එනවා. මට උදව් කරන්න” කියා ඉල්ලීමක් කළ බව හාරිස් මෙම සාකච්ඡාවේ දී පවසයි. ඒ අනුව, ප්‍රංශයට පැමිණි අසාද් මවුලානාව තමන් ස්විට්සර්ලන්තයට රැගෙන ගිය බවත්, සැලකියයුතු කාලයක් තමන් සමඟ ඔහු වාසය කළ බවත් හාරිස් පවසයි.

එම කාලයේ දී අසාද් මවුලානාට කොළඹ ස්වීස් තානාපති කාර්යාලයේ කලක් සේවය කළ, ඒ වන විට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි කළ සුවීස් ජාතිකයකු ද දුරකථනය මගින් කතා කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තම පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු අහිමිවීමේ වේදනාවෙන් පෙලුණු ඩෙන්මාර්ක් ජාතික ව්‍යාපාරයකු ද අසද් මවුලානා අමතා පාස්කු ප්‍රහාරය ගැන තමන් දන්නා සත්‍ය පවසන මෙන් ද ඒවා සඳහා අවශ්‍යනම් මුදල් ලබාදීමට සූදානම් බව ද පවසා තිබේ. ඊට අමතරව තීරණාත්මක දුරකථන ඇමතුම ලැබී ඇත්තේ “රෝ” සංවිධානයේ ප්‍රධානියකුගෙනි.

ජනප්‍රිය පුවත්  වැඩ කරන ජනතාවට පුනරුදය ! E.T.F - E.P.F අරමුදල් හාම්පුතාලා අතට !

හාරිස් පවසන පරිදි, අදාළ දුරකථන සාකච්ඡාව නිමා වීමෙන් පසු “මමයි, පිල්ලියාන් ඩුබායි ගිය වෙලාවක මේ “රෝ” එකේ ලොක්කා හමුවුනා. එයා කියනවා චැනල් 4 ට ගිහිල්ලා පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සම්බන්ධ කරලා කතාවක් කරන්න කියලා. මම මිලියන් 100 ක් ඉල්ලුවා. ඒ ගැන කියන්න ආපහු ගන්නම් කිව්වා” යනුවෙන් පවසා තිබේ.

පසුව, අසාද් මවුලානා පවසා ඇත්තේ මිලියන 34 කට වැඩේට එකඟ වූ බවයි.

ඒ අනුව චැනල් 4 නාලිකාවට ප්‍රකාශය දීමෙන් පසුව, “රෝ” සංවිධානයේ නියෝජිතයින් අසාද් මවුලානාව ඉතාලියට රැගෙනයාමට උත්සාහ දරා තිබේ. එය, සුවීස් පොලිසිය දැනුවත්කර වළක්වා ඇත්තේ හාරිස් ය. මෙම “යූ ටියුබ්” සාකච්ඡාවට සම්බන්ධය අප මේ සමග ඔබට දක්වා ඇත.

වර්තමාන අමාත්‍ය දොස්තර නලින්ද ජයතිස්ස ද විපක්ෂයේ සිටිය දී ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ඉන්දියාව බවය. හාරිස්ගේ අණාවරණය සමග තවදුරටත් තහවුරුවන්නේ එම නිගමනය වේ.

  • ගැමුණු රත්නායක

හාරිස්

https://web.facebook.com/reel/1026701843330267
https://web.facebook.com/reel/1026701843330267

No posts to display yet.

ලින්ක් එක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x