September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන සංශෝධන කෙටුම්පත සඳුදා කැබිනට්ටුවට !

1 min read

අගවිනිසුරු, දේවගැති සූරසේනව තව වසර 2 ක් වැඩිපුර එම ධූරයේ තබාගැනීම සඳහා ගෙන එනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සඳුදා (27) අමාත්‍ය මණ්ඩලය හමුවට ගෙනඒමට ඊයේ (24) රාත්‍රියේ දී අවසාන වශයෙන් තීරණය කර තිබේ.

පැලවත්ත මූලස්ථානයේ දී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඊයේ (24) රාත්‍රී සාකච්ඡා 2 ක් පවත්වා තිබේ. ජ.වි.පෙ. ඉහළ නායකත්වය අතර පැවති සාකච්ඡාවේ දී වාද විවාද සහිතව අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ කුමන තත්ත්වයක හෝ මුහුණදීමට සූදානමින් තවදුරටත් කල්ගත නොකර, මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බවය. එහිදී, මෙම වසර නිමාවීමෙන් පසු මෙය ගෙන ඒම සුදුසු නොවේද යන මතය සාකච්ඡා කිරීමේ දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සූරසේන ගිය පසු කිසිවකු විශ්වාස කළ නොහැකි බවය.

ඒ අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස, කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මෙය රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ඇත. එම ගැසට් පත්‍රයේ ඵළ කර අවම වශයෙන් දින 14ක් ගතවීමෙන් පසු, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත. අදාළ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට ඕනෑම රටවැසියකුට අවස්ථාව ලැබෙන්නේ එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 7 ක් ඇතුළත ය. එම පෙත්සම් පිළිබඳ තම මතය දින 14 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට හා කථානායකවරයාට ලබාදිය යුතුය.

ජනප්‍රිය පුවත්  විනිසුරු කෝදාගොඩ දඩයමට මෙහෙයුමක්!

ඒ අනුව, ගැසට් කිරීමේ සිට අභියෝග කිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දීම දක්වා දින 35 ක පමණ කාලයක් ගතවනු ඇතැයි සැලකිය හැකිය. ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මෙන්ම, ජනමතවිමසුමක් අවශ්‍ය වුවහොත් එය ද සිදුවනු ඇත්තේ ඉන් පසුව ය.

  • දීප්ති රාජකරුණා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x