සූරසේනගේ පුතු දමිතු කුඩ්ඩෙක් ! නීතිය නැවුවේ මෙන්න මෙහෙමයි !
1 min read
ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරු ලෙස 2025 ජූලි මස 27 (හෙටට වසරකි) දින ජනාධිපති අනුර කුමාර විසින් පත්කරන ලද, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ වැඩිමහල් පුතු වූ දමිතු සූරසේන හොරොයින් පානයට ඇබ්බැහිවූවකු බව වාර්තා වේ. අපගේ ගවේෂණ මාධ්‍ය කණ්ඩායම සිදුකරන ලද අධ්‍යයනයක දී අණාවරණය වන්නේ මේ සම්බන්ධ චෝදනාවන්ට ලක්ව සූරසේනගේ පුතු දමිතු මීට පෙර පොලිස් අත්අඩංගුවට ද පත්ව ඇති බවයි.
හොරොයින් නැමැති මිල අධික මත්ද්‍රව්‍ය ගෑම් 2.2 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සූරසේනගේ වැඩිමල් පුතු දමිතු සූරසේන 2023 දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2023 ජුනි මස 15 වැනි දා මිරිහාන, නුගේගොඩ පිහිටි දමිතු පද්මන් සූරසේනගේ නිවාස පරීක්ෂා කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ග්‍රෑම් 2.2 කට වඩා වැඩි මෙම හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ (සංශෝධන) පනත අනුව දමිතු පද්මන් සූරසේන හා ඔහුගේ බිරිඳ වන ශනෙල් පෙරේරා (Shanelle Perera) අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
මේ කාලය වන විට දමිතු පද්මන් සූරසේනගේ පියා වන ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. අධිකරණ ක්ෂේත්‍රයේ තමන් සතු සබඳතා යොදවා ගෙන, අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු තම පුතු හා ලේලිය ඇප මත මුදාගැනීමට එහි දී ප්‍රීති පද්මන් සූරසේන සමත් වී තිබේ.
විෂ, අබිං සහ අනතුරුදායක ඖෂධ ආඥා පනත යටතේ ගෑම් 2 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගැනීම ස්වයංක්‍රීයවම “ජාවාරම සඳහා ළඟ තබා ගැනීමක්” ලෙස සැලකේ. මෙය ඉතා බරපතල වරදක් වන අතර, ශ්‍රී ලංකාවේ (1977 අංක 30) දරණ ඇප පනත අනුව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇප ලබා ගත හැකි වැරදි ලෙස සැලකෙන්නේ නැත.
එහෙත්, එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ බලපෑමට අවනතව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය “සුවිශේෂ හේතු” මත දමිතු පද්මන් සූරසේන හා ශනෙල් පෙරේරාට ඇප ලබා දී තිබේ.
මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රබල අවධානයට ලක්වීම වලක්වාගැනීම සඳහා ද ප්‍රීති පද්මන් සූරසේන විශාල වියදමක් දරා තිබේ. ජනාධිපති අනුර කුමාර විශ්‍රාම වයස දිගු කර තවදුරටත් අගවිනිසුරු පුටුවේ තබාගැනීමට මරාගෙන මැරෙන ප්‍රයත්නයක නියැලී ඉන්නේ ඒ අන්දමට තම පුතා වෙනුවෙන් නීතිය අවභාවිතාවට ලක් කරන ලද තක්කඩියෙකි. මේ තක්කඩියාගේ තීරණ මත, තම නිර්දෝෂීභාවය වෙනුවෙන් කරුණු කියන්නට පවා අවස්ථාව නොලැබී මේ වන විට විනිසුරුවරුන් 50 කට වැඩි සංඛ්‍යාවක් වැඩ තහනමට හෝ සේවය අතහැරයාමට ගොදුරුව ඇත.
- ජානක ප්‍රසාද් ජයවර්ධන
