මම සලේට චෝදනා කළේ අද පොලිසිය භාර අය දුන් තොරතුරු මතයි…! – හරීන් ප්‍රනාන්දු…
1 min read
පාස්කු ප්‍රහාරයට අනතුරුව මහ මොළකරුවෙකු පිළිබඳ කතා කළේ තමන් බවත් ඊට අදාළ තොරතුරු ලබාදුන් අය අද රටේ පොලිසිය භාර ප්‍රධානීන් ලෙස කටයුතු කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
සුරේෂ් සලේ මෙම ප්‍රහාරයට සම්බන්ධ නැත්නම් තමන් සතුටු වන නමුත් තමන්ට එදා ලබාදුන් කරුණු අනුව අදත් එම මතයෙහි සිටින බවද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.
කෙසේ වුවද එදා තමන් කතෝලික සභාවේ ප්‍රධානීන් හමු වී සුරේෂ් සලේ ගැන ප්‍රකාශ කළ තමන්ට බැණ වැදුණු අයට දැන් සලේ වැරදිකරු බවට පත්ව ඇති බවත් හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ සියත ත්‍රිකෝණය දේශපාලන සංවාදයට එකතු වෙමිනි.
