June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වල්මත්වීම ?

1 min read

වල්මත්වීම යන්නෙහි සරල අර්ථය වන්නේ මංමුලා වීමය’ එසේත් නොවේනම් හසරක් නොදැනීම හෝ ඉබාගාතේ යාමය.

“වල්” යනු කැළය හෝ පාරක් නොමැති තැනය. “මත් වීම” යනු මුලාවීම හෝ සිහිය විකෘති වීමය. යා යුතු නිවැරදි මාර්ගය හෝ දිශාව සොයාගත නොහැකිව අතරමංවන්නා වල්මත්වූවකු ලෙස තේරුම් ගත හැකිය.

අද මේ රටේ ජනතාවගෙන් සැලකියයුතු පිරිසක් සිටින්නේ වල්මත්වීය. ඔවුන් නොදන්නේ යා යුතුව ඇති පාරය. ආණ්ඩුවට යන පාර වැරදියැයි කියන උදවියද යන්නට හදන්නේ ඒ පාරේමය. වල්මත්වීම ඒ තරම් බරපතල තත්වයකට දැන් පත්ව ඇත්තේ ය.

ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද පීඩනය මගින් ජනිත කළ වෛරයේ ප්‍රතිඵලය “මාලිමාවේ” ආණ්ඩුව විය. දැන් ඒ ආණ්ඩුව, ආර්ථික පීඩනය තවදුරටත් උග්‍ර කරනු මිස, එම පීඩනයෙන් ජනතාව මුදා ගන්නේ නැත. ආර්ථික වශයෙන් හාමතේ සිටින ජනතාවට මාලිමා ආණ්ඩුව පෙන්වන්නේ “යුක්තිය පසඳලීමේ” සම්භාව්‍ය චිත්‍රපටය ය. වෛරයෙන් මුසපත්වූවෝ, හාමතේ වුව බලමින් සිටින්නේ ඒ චිත්‍රපටය ය.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනුයේ, තිරයෙන් පිටුපස සිටින දුෂ්ඨ බලවේග රැසකගේ මනදොල සැපිරීම පිණිස ය. ඒ අතර වන එකක්නම්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නූතන ජාත්‍යන්තර හිමිකරුවන්ය. අනෙක වන්නේ කතෝලික පල්ලිය ය. ඒ සියලු දෙනා පිටුපස සිටින්නේ බටහිර බලවතුන්ය. ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය බිඳවට්ටවා එය තවත් ලිබියාව වැනි දඩබිමක් බවට පත් කර ගැනීමට මාන බලන සෙට් එකය. අනුර කුමාර ද, කාඩිනල් ද, ශානි අබේසේකරලා ද, රංග දිසානායක ලා ද මේ රඟ දක්වන්නේ ඒ නාටකයේ තම තමන්ට අයත් චරිතය.

ජනප්‍රිය පුවත්  අඳ ගොළු බිහිරි නීතිය

ශානි අබේසේකරට ඉන්නේ පුත්තු දෙදෙනෙක්ය. ඒ පුත්තු දෙදෙනාම ඉගෙනුම ලබන්නේ පිටරටය. මහරගම පැත්තේ ශානි අබේසේකර තට්ටු තුනේ නව නිවසක් ද හදමින් සිටින්නේය. මේ ඔක්කොම වියදම් ශානිට CID අධ්‍යක්ෂක තණතුරට ලැබෙන වැටුපෙන් කළමණාකරගත නොහැකිය. එයින් කියවෙන්නේ ශානිට මේ කරන දුෂ්ඨ මෙහෙයුමට කොහෙන් හෝ හොඳට ගෙවන බවය. එබඳු ගෙවීමක් නොමැත්තේනම්, තම පුතුන් විදේශයක අධ්‍යාපනයට යවා, එම වියදම ද දරමින්, මහරගම පැත්තේ ඉඩමක් ගෙන තට්ටු තුනේ නව නිවසක් තැනීමට තරම් මුදලක් ශානි සතුව තිබිය හැකි නොවන බව ඕන පල් මෝඩයකුට වටහාගත හැකි විය යුතුය.

ශානි ඉන්නේ විශ්‍රාමිකවය. එහෙත් ඔහුට දැන් ලැබෙන්නේ, රාජකාරියේ සිටින CID අධ්‍යක්ෂකවරයකුගෙ වැටුපය. ඒ වැටුපෙන් මෙච්චර දෙයක් කරන්නට ශානි අබේසේකරට හැකි වන්නේ නැත. එක කල හැක්කේ කඩිනල්ගේ හා කොටින්ගේ ගෙදර “වලං” සෝදමින්ය. එයට ලැබෙන වැටුප ලොකු ගානක්ය.

කොටි සංවිධානයේ ඉතුරු වී සිටින ජාත්‍යන්තර කල්ලියට ද උවමනා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ අරමුණ “පගාවෙන්” ඉටු කරගන්නටය. ඔවුන් ඒ සඳහා කවර හෝ මිලක් ගෙවනු ලබන බව පැහැදිලිය. ජනාධිපති අනුර ද, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය කළ කතෝලික පල්ලිය ද දැන් ඉන්නේ ඒ “මැච්” එකේය. ජීවන්ත පීරිස් ෆාදිලිතුමා මෙන්ම, සිරිල් ගාමිණීට ද, ජූඩ්ලාට ද දිරිය එන්නේ එතැනින්ය.

පල්ලියේ පිල්ලියක් වූ ඕමල්පේ සෝභිත, ගෝල්ෆේස් අරගල බිමට ගොස් දැන් ඉතින් “සිංහල බෞද්ධ” බලය අවසන් යැයි කීවේ නිකමට නොවේය. එතැන් සිට ඉදිරියට එන ජාතියට එරෙහි “ගේම් එක” හොඳින් වටහාගෙනය. ආර්ථික අර්බුදයක වෙලී සිටින ශ්‍රී ලංකා රාජ්‍යය සතර දෙසින් වටකොට පහර දී දණ ගැස්සවීමට එතැන් සිට සිදුවන බව කවුරු නොදන්නේවුවද ඕමල්පේ සෝභිත නම් වූ පල්ලියේ පිල්ලිය හොඳින්ම දැන සිටින නිසා එසේ පැවසූ බව අප වටහාගත යුතුය.

ජනප්‍රිය පුවත්  රුපියල සහ ඉරණම

දැන් ඇත්තේ ශ්‍රී ලංකා රජය හා සිංහල බෞද්ධයා මෙම බලවේග විසින් වටකොට පහර දෙන ඉරණමකට ලක්වය. අනුර කුමාර ජනාධිපති එම බලවේගවල උවමනාව අන් කාටත් වඩා හොඳින් ඉටු කරමින් සිටින බව පැහැදිලිය. මේ මෙහෙයුම හොඳින් වටහාගෙන එය පැරදවීමට අසමත්වුවහොත්, ශ්‍රී ලංකා රාජ්‍යයේත්, සිංහල බෞද්ධයාගෙත් අවසානය එමගින්ම ලියැවෙනු නිසැකය.

ඔරොප්පුව ඇත්තේ දේශපාලනඥයා කෙරෙහි පමණක්නම්, දේවගැති සූරසේනගේ උසාවියට දක්කාගෙන යැවිය යුත්තේ හිටපු මැති ඇමතිවරු හෝ ජනාධිපතිවරු පමණක්ය. නමුත්, ඔවුනට අමතරව, රණවිරුවෝ ද ,රාජ්‍ය නිලධාරින් ද, සූරසේනගේ උසාවියට ඉදිරිපත් කර හිරබත් කවන්නේ, රාජ්‍ය බිඳවැට්ටවීම මේ මෙහෙයුමේ මූලික අරමුණ වී තිබෙන නිසාය. “මහමොළකරුවකු” සොයන කාඩිනල් ඇතුළු කතෝලික පල්ලියද කරන්නේ ඒ මෙහෙයුමේ තමන්ට අයත් කොටසය. මෙය, පෙර පැවති ත්‍රස්තවාදයේම වෙනත් මුහුණුවරක්ය. සිංහල බෞද්ධයාට හිමි එකම රාජ්‍ය බිඳවැට්ටවීමේ මෙහෙයුම පන ගන්වමින් ඇත්තේ ඒ ආකාරයටම ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය කර ඇත්තේත් සිංහල බෞද්ධයා ය. දෙමළ ජාතිය සමූල ඝාතනය කර ඇත්තේත් සිංහල බෞද්ධයා ය. සිංහල බෞද්ධයාගේ බලය යටතේ වන ශ්‍රී ලංකා රාජ්‍යය පැවතිය යුතු නැත. එබැවින් එය වැනසිය යුතුය. දෙමළ කතෝලික ඊළාමය ද බිහි කළ යුතුය. මේ සියල්ල සිදුවන්නේ ඉහත පැහැදිලි කරන ලද මනෝභාවයට යටත්ව ය.

ජනප්‍රිය පුවත්  ඩිල්කා සමන්මලී අභියෝගතා කුසලානය!

සිංහල බෞද්ධයාගේ ආධිපත්‍ය යටතේ වන හමුදාව ද මිනීමරා ඇත. සමූලඝාතනය කර ඇත. එබැවින්, එයද දංගෙඩියට දැක්විය යුතුය. මහ සඟරුවන ද මේ “පාපයේ” කොටස්කරුවන්ය. එබැවින් එය ද විනාශ කර දැමිය යුතුමය. සිදුවන්නේ, මෙන්න මේ මෙහෙයුමය.

මහ නායක හිමියෝ නිදි ය. සිංහල බෞද්ධයා පක්ෂවලට බෙදී නියමින් හෝ අනියමින් මේ මෙහෙයුමේ කොටස්කාර භූමිකාව රඟ දක්වමින් ඇත. මේ උදාවී ඇත්තේ එතරම්ම විපරීත කාලයක්ය.

කඩිනල් ද, ඕමල්පේ සෝභිතලා ද, ශානිලා ද, රංග කලන්සූරියලා ද විවිද තේමා පාඨ ඔස්සේ සිදු කරමින් සිටින්නේ මෙකී වෑයමට උරදිය ඇදීමය. අවසාන ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකා රාජ්‍ය සිය අවසානය සනිටුහන් කර ගැනීමය. සිංහල බෞද්ධයාට ලොව ඇති එකම රාජ්‍යය අහිමි වීමය. කතෝලික දෙමළ ඊළමක් හා සිංහල බෞද්ධ බලය අහිමි ශ්‍රී ලංකා කැබිලි භූමියක් නිර්මාණය කිරීමය. ගැටුම් බහුල මේ රට, ජාත්‍යන්තර පිශාචයන්ගේ දඩබිමක් බවට පත් කෙරුමය.

මේ මුළු කතාව තේරුම්ගත නොහැකි සියල්ලෝම සිදු කරන්නේ මෙම අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් දැන හෝ නොදැන දායක වීමය. ජ.වි.පෙ. අද ඒ ක්‍රියාන්විතයේ ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වී ඇත. බෙදුම්වාදයට එරෙහි මතය දරන ලද විජේවීර අද සිටියේනම් කුමක් කරනු ඇත් ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x