සලේ වෙනුවෙන් පැවති සත්‍යග්‍රහය අවසන් !
1 min read
අද පස්වරුවේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධව අධිකරණය දුන් තීරණය කෙරෙහි බලාපොරොත්තු ඵල කරමින්, 3 වැනි දිනටත් කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය මීට සුළු මොහොතකට පෙර අවසන් කර තිබේ.
සුරේෂ් සලේව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් 5 දෙනෙකුගේ අධීක්ෂණයට ලක්කර ඔවුන් දෙනු ලබන වාර්තාව අනුව, ඉදිරි කටයුතු කිරීමට අද පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ නඩු විභාගයේ දී විනිසුරුවරයා තීරණය කර ඇත.
ඒ අනුව, ඒ වන විටත් සත්‍යග්‍රහයේ නිරතව සිටි ජා.නි.පේ නායක විමල් වීරවංශ හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන දෙදෙනා ප්‍රකාශ කළේ එම විශේෂඥ මනෝ වෛද්‍යවරු දෙදෙනා සුරේෂ් සලේ පිළිබඳව දෙනු ලබන වාර්තාව පිළිබඳව බලාපොරොත්තුසහගතවන බවත්, එයින් සාධාරණය ඉටු නොවුනහොත් සටන යළි අරඹන බවත්ය.
ඒ අනුව ප.ව. 2.35 ට පමන සත්‍යග්‍රහයේ නිරතව සිටි ගිහි පැවිදි පිරිස, සත්‍යග්‍රහය අවසන් කළේය. “මෙය කොමාවක්, තිතක් නොවෙයි” යනුවෙන් පැවසූයේ උදව ගම්මන්පිලය.
