කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ – ‘2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම’ සන්ධානයෙන් චෝදනා
1 min read
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2015.08.27 දින සිට බුද්ධි තොරතුරු 200ක් පමණ ලබාදී ඇති බවත්, එහෙත් ශානි අබේසේකරලා රවි සෙනෙවිරත්නලා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවත් ‘2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම’ සන්ධානයේ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පුද්ගලයන් අද සිටින්නේ කොහේදැයි ප්‍රශ්න කරන ඒ මහතා සුරේෂ් සලේ මරා දැම්මා කියා පාස්කු වින්දිතයන්ට ලැබෙන සාධාරණය කුමක්දැයි ප්‍රශ්න කරයි.
දිලීප පීරිස්ලා අධිකරණය ඉදිරිපත් කර ඇති සාක්ෂි සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී ප්‍රශ්න කරන ඒ මහතා කතෝලික සභාවට ද දැඩි ලෙස චෝදනා නගයි.
