ප්‍රමිෂ්කාගේ නෑයෙක් NTMI සභාපති තනතුරට !
1 min read
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක යටතේ පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) සභාපතිවරයා, අමාත්‍ය බිමල් රත්නායක සමග ඇති කර ගත් මතභේදයක් මත ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එම සභාපති තණතුරට පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ජ.වි.පෙ. නායකයන්ගේ හද දිනා ගත් “බෝර්න් අගේන්” ආගමික නිකායට අයත් කාන්තාවක් වන ප්‍රමිෂ්කා පෙරේරා රත්නවිභූෂණගේ සමීප ඥාති කාන්තාවකි. අරෝෂා විද්‍යාවිභූෂණ නම් වූ ඇය, ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණගේ සැමියා වූ විජිත් විද්‍යාවිභූෂණ ගේ බාල සොහෝදරියයි.
ඕස්ට්‍රෙිලියාවේ පර්ත් නගරයේ පදිංචිව සිටි ඇය ලංකාවට පැමිණ ඇත්තේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති තණතුර ලබා ගැනීම සඳහාම ය.
මීට පෙර වත්මන් ආණ්ඩුව යටතේ එම ආයතනයේ සභාපතිධුරය දරනු ලැබුවේ වෛද්‍ය රුවන් විජේමුණිය. අමාත්‍යවරයාගේ දේශපාලන බලපෑම් දරාගත නොහැකිව ඔහු එම තණතුරෙන් ඉල්ලා අස්විය.
ජනාධිපති අනුර කුමාර ඇතුළු ජ.වි.පෙ. ඉහළ පෙළේ නායකයන් කිහිපදෙනෙකුම “අල්ලේ නටවන” ප්‍රමිෂ්කා, ආණ්ඩුකරණයට අදාල තීරණවලදී ජනාධිපතිවරයාට බෙහෙවින් බලපෑම් සහගතව ක්‍රියා කරයි. ජ.වි.පෙ. සමග දීර්ග කාලයක් තිස්සේ දේශපාලන සබඳතා පවත්වා තිබෙන වෛද්‍යවරුන් ඇතුළු ඇතැම් වෘත්තිකයන් ජ.වි.පෙ. ආණ්ඩුකරණයේ පවතින මෙබඳු පත් කිරීම් පිළිබඳ සිය අප්‍රසාදය ඵළ කර තිබේ.


