June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

AI වලින් ජනපති බොරු කියන වීඩියෝ හදලා… ජනතාවට නොරැවටෙන්නැයි CERT දැනුම් දෙයි…!

1 min read

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

කෘතිම බුද්ධිය (AI) සහ ‘ඩීප් ෆේක්’ (Deep fake) තාක්ෂණය අවභාවිත කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ රුව රැගත් ව්‍යාජ වීඩියෝ පට රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නිවේදනය කරයි.

මෙම ව්‍යාජ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වන බවට ආයතනය වෙත පැමිණිලි ලැබී තිබේ.

ශ්‍රී ලංකා සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර මාසිකව ඉහළ ප්‍රතිලාභ ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා, අගමැතිනිය මෙන්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සහ විශේෂ පුද්ගලයන් ඉල්ලීම් කරන ආකාරයෙන් මෙම වීඩියෝ සකසා ඇති බවයි.

මීට අමතරව රටේ ආර්ථිකය, බදු ප්‍රතිපත්ති සහ විවිධ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ද මෙලෙස ව්‍යාජ පුවත් නිර්මාණය කර බෙදාහරිමින් පවතී.

මෙම වීඩියෝ සමඟ පළ කර ඇති සබැඳි (Links) වෙත පිවිස මුදල් ආයෝජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  ඉන්දුනීසියාවේදී ඇල්ලු පාතාල සාමාජිකයන්ගේ පොතෙන් සල්ලි දුන් කට්ටිය හෙළිවේ!

එවැනි සබැඳි ඔස්සේ පරිශීලකයන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරවා, ඔවුන්ගේ පුද්ගලික රහස්‍ය තොරතුරු සහ මුදල් සොරාගැනීමේ දැඩි අවදානමක් පවතින බවට ද එම ආයතනය අනතුරු අඟවයි.

අන්තර්ජාලය තුළ සංසරණය වන මෙවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු වීඩියෝ දර්ශන පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ විමසිල්ලකින් පසුවන ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, එවැනි සැකකටයුතු සබැඳි (Links) වෙත පිවිසීමෙන් වැළකී සිටින ලෙසත්, තමන්ගේ වටිනා පෞද්ගලික දත්ත වංචනිකයන් අතට පත් වීමට ඉඩ නොතබා මෙවැනි මූල්‍ය වංචාවලට ගොදුරු නොවන ලෙසත් ශ්‍රී ලංකා සර්ට් ආයතනය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x