July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැඩ වැඩිවී පොලිසියට අසාධ්‍යයි – 2029 දී 14000ක් පෙන්ෂන්

1 min read

පැය පහළොවකට අධික කාලයක් රාජකාරී කිරීමට සිදු වීම නිසාත්, නිලධාරි හිඟය නිසාත් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන නිලධාරින් දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් 130,000ක් පමණ පිරිසක් සේවය කළද මේ වන විට එම ගණන 67,000 දක්වා අඩු වී ඇත.

එම පිරිසෙන්ද සියයට විස්සක් පමණ පිරිසක් විවිධ රෝගාබාධවලින් පෙළෙන බවද වාර්තා වේ. බෝනොවන රෝග හේතුවෙන් දෛනිකව පොලිස් නිලධාරියකු අසනීප වන බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

තවත් දසදහසක පමණ පිරිසක් මෙම වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට විශ්‍රාම යාමට නියමිත බවද වාර්තා වේ. 1988/1989 කාලයේ පළාත් මට්ටමින් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගත් නිලධාරින් 14,000ක් 2029 වසර වන විට විශ්‍රාම යාමට නියමිතය.

පොලිස් මූලස්ථානය පවසන්නේ කෙතරම් පිරිසක් විශ්‍රාම ගියද වසරකට 2500ක් පමණක් බඳවාගත හැකි බවයි. මීට ඉහතදී පොලිස් ස්ථානයකට සාමාජිකයන් 150ක් පමණ අනුයුක්ත කර සිටියද මේ වන විට නිලධාරින් 35ක් පමණ සේවයේ යෙදීමට සිදුව තිබේ.

පොලිස් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් එක් නිලධාරියකුට පැය 15කට අධික කාලයක් සේවය කිරීමට සිදුවීම නිසා එම නිලධාරිහු පීඩනයට පත්ව සිටිති. වැටුප් අවම වීම හා අධික රාජකාරිය හේතුවෙන් පොලිස් නිලධාරින් මේ වන විට කොරියාව සහ ඊශ්‍රායලයේ සේවයට යෑමටත් වයස අවුරුදු 60න් විශ්‍රාම ගිය පිරිස වයස අවුරුදු 55න් විශ්‍රාම යාමට පෙලඹී සිටින බවත් පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

නිලධාරි හිඟයට විසඳුමක් ලෙස පොලිසියේ ක්‍රියාකාරි කොට්ඨාශවල සේවය කරන නිලධාරින් සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කිරීමටද යෝජනා ඉදිරිපත් වී ඇත. පොලිසියට නවක නිලධාරින් දසදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෑතකදී පැවසීය. සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරින් දසදහසක් පොලිසියට බඳවා ගැනීමට පසුගිය වසරේ රජය සූදානම් විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x