June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ගුණසේන” සමාගම දෙමළ ඊළම් ඉතිහාසයට පණ දෙයි !

1 min read

සීමාසහිත “ගුණසේන” ප්‍රකාශන සමාගම විසින් කුඩා දරුවන්ගේ රචණා හැකියාව වැඩිදියුණු කර ගැනීම පිණිස ප්‍රකාශයට පත්කර ඇති “කුමාර රචනා” 4 ශ්‍රේණිය පොතේ ඉතා සියුම් ලෙස ශ්‍රී ලංකාවේ ජනාවාස බිහිවීම පිළිබඳ දෙමළ ඊළාම්වාදින් පතුරවන ව්‍යාජ මතයට ඉඩ විවෘත කර දී තිබේ.

කුමාර රචණය 4 ශ්‍රේණිය ලෙස හැඳින්වෙන එම කෘතියේ “6” වැනි පිටුවේ දක්වා ඇත්තේ “ලංකාවේ මුල් පදිංචිකාරයෝ” යන හිසින් යුත් ලිපියකි. එහි එක් තැනක සඳහන් වන්නේ, “විජය කුමරා සත්සියයක් සෙනඟ ගෙන මෙරටට ගොඩ බසින අවස්ථාවෙහි ශිෂ්ඨාචාරයෙන් මදක් දියුණු වූ මනුෂ්‍යයන් මේ දිවයිනේ මුහුදුබඩ පළාත්වල වාසය කරනු ඔහුට දක්නට ලැබුණේය. ඔවුන් මධ්‍යම ආසියාවෙන් ඉන්දියාවට පැමිණ එහි පැතිරී ගිය ආර්ය වර්ගයට අයත් වූවන් බව සිතිය හැකිය. එහෙත්, ඔවුන් ආර්යයන් නොව දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් බව ඇතැමෙක් කල්පනා කරති. ඔවුන් කවර ගෝත්‍රයකට අයත් ද යනු තවම තීරණය කොට නැත.”

“කුමාර රචනාව” මෙරට ආදි මානව ජනාවාශකරණය ගැන පුරා විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් විසින් සනාථ කර තිබෙන පිළිගත් මතය දියාරු කර, දෙමළ ඊළාම් හිතවාදීන්, උතුරු හා නැගෙනහිර තම ඓතිහාසික වාසභූමිය බවට සනාථ කිරීමට හුවා දක්වන ව්‍යාජ මතය 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිංහල දරුවන්ට පෙවීමට උත්සාහ දරා තිබේ. “කුමාර රචනාව” අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිර්දේශිත කෘතියක් නොවන මුත්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින් දශක ගණනාවක් තිස්සේ දරුවන්ට නිර්දේශ කරනු ලබන පිළිගත් උපකාරක පොතකි. එය රචනා ලිවීම පුරුදුවීමට බොහෝ දරුවන් ප්‍රයෝජනයට ගනිති.

ජනප්‍රිය පුවත්  ඉන්දියානු යාත්‍රා 27ක් බටහිර අසියානු කලාපයේ සිරවෙයි!

ඇතැම් අවස්ථාවලදී අධ්‍යාපන අමාත්‍යංශය පාසල් පුස්තකාලවලට “කුමාර රචනය” නිර්දේශය කර තිබේ. එබදු තත්වයක් යටතේ “කුමාර රචනය” 4 ශ්‍රේණිය කෘතියේ ඉතිහාසය පිළිබඳ දෙමළ බෙදුම්වාදින්ගේ මතයට ඉඩ ලබාදීම බරපතළ බව අධ්‍යාපනවේදීහු පවසති. දශක ගණනාවක් පුරා සිංහල ජනතාවගේ මුදලින් ලාබ උපයා තරවූ “ගුණසේන” වැනි සමාගමක් මේ අයුරින් දේශද්‍රෝහී භාවිතාවකට අවතීර්ණවීම ඛේදජනක බව බොහෝ ගුරුවරුන්ගේ මතය වී තිබේ.

  • ජගත් පියතිස්ස –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Sirimewan Wijethunga
Sirimewan Wijethunga
8 days ago

මේ ලිපිය විමසා බැලීමේදී, එහි උපුටා දක්වා ඇති පොත් කොටස තුළ ඍජුවම “දෙමළ ඊළමක්” ගැන හෝ බෙදුම්වාදයක් ගැන කිසිදු සඳහනක් හෝ සහයෝගය පළ කිරීමක් සිදුව නැත.
එහි අන්තර්ගතය දෙස තාර්කිකව සහ අපක්ෂපාතීව බැලූ විට පෙනී යන්නේ මෙන්න මේ කරුණුයි:

1. උපුටා දක්වා ඇති කොටසේ සැබෑ අන්තර්ගතයපොතේ උපුටා දක්වා ඇති කොටසින් කර ඇත්තේ විජය කුමරු පැමිණීමට පෙර ලංකාවේ සිටි මුල් පදිංචිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව ඉතිහාසයේ පවතින විවිධ මත කිහිපයක් සරලව ඉදිරිපත් කිරීම පමණි:

  • එක් මතයක් වන්නේ ඔවුන් මධ්‍යම ආසියාවෙන් පැමිණි ආර්යයන් විය හැකි බවයි.
  • තවත් මතයක් වන්නේ ඔවුන් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් විය හැකි බවයි.
  • අවසානයේ පොතේ නිගමනය කර ඇත්තේ “ඔවුන් කවර ගෝත්‍රයකට අයත් ද යනු තවම තීරණය කොට නැත” යනුවෙන් විවෘත අදහසකි.

මෙය ඉතිහාස විෂයයෙහි පවතින සාමාන්‍ය ශාස්ත්‍රීය විවාදයන් සහ මතයන් සිසුන්ට හඳුන්වා දීමක් මිස, දේශපාලනික අරමුණක් සහිතව ලියවුණක් බව පෙනෙන්නට නැත.

2. ලිපිය ලියූ පුද්ගලයාගේ අර්ථකථනය (විවේචනය)පොතේ ඇති එම ඡේදය “දෙමළ ඊළමට සහයෝගයක්” ලෙස අර්ථකථනය කරන්නේ පොතේ කතුවරයා නොව, මෙම විවේචනාත්මක ලිපිය ලියූ ජගත් පියතිස්ස නැමැති මහතායි.
ඔහුගේ තර්කය වන්නේ:

  • ලංකාවේ මුල් පදිංචිකරුවන් ද්‍රවිඩයන් විය හැකි බවට එහි ඇති විකල්ප මතය නිසා, උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම (ඊළම) යැයි කියන දේශපාලන මතවාදයට වක්‍රව ඉඩක් විවෘත වන බවයි.

නිගමනය

පොතෙන් උපුටා දක්වා ඇති කොටස තුළ: ඊළම් රාජ්‍යයකට හෝ බෙදුම්වාදයකට කිසිදු සහයෝගයක් පළ කර නැත. එහි දක්වා ඇත්තේ විජය රජුට පෙර ලංකාවේ සිටි මානවයන් පිළිබඳව පවතින ඓතිහාසික මතවාද දෙකක් පමණි.

නමුත් මෙම විවේචනාත්මක ලිපිය තුළ: ලේඛකයා විසින් එම ශාස්ත්‍රීය මතය දේශපාලනික කෝණයකින් දකිමින්, එය ඊළම් මතවාදයට පක්ෂපාතී ප්‍රකාශයක් ලෙස දැඩිව විවේචනය කර තිබේ.

1
0
Would love your thoughts, please comment.x
()
x