June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැයි 18 ‘ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරන්න ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අලුත් මහ ඇමති විජේගෙන් ඉල්ලයි.

1 min read

ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වූ මැයි 18 වන දිනය ‘මුල්ලිවයික්කාල් ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නිල යෝජනාවක් සම්මත කරන ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඉල්ලා සිටිනවා.

ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ තමිල්නාඩුවේ අභිනව මහ ඇමති ජෝසප් විජේ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්. තමිල්නාඩුවේ වසර 59ක DMK සහ AIADMK පක්ෂවල ඒකාධිකාරිය බිඳ දමමින් පසුගිය අප්‍රේල් 23 පැවති මැතිවරණයෙන් ජයගත් විජේ මහතා, පසුගිය මැයි 10 වනදා ප්‍රාන්තයේ 9 වැනි මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

ප්‍රාන්ත සභාවේ පළමු සැසිවාරයේදීම මෙම යෝජනාව ගෙන එන ලෙස ගජේන්ද්‍රකුමාර් මහතා ඉල්ලා ඇති අතර, 2013 වසරේදී ද තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවේ යුද අපරාධ ‘ජනසංහාරයක්’ ලෙස නම් කරමින් යෝජනාවක් සම්මත කළ බව ඔහු සිය ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය මෙම ‘ජනසංහාර’ චෝදනාව අඛණ්ඩව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ජාත්‍යන්තර නීති විශේෂඥයන් ද පෙන්වා දෙන්නේ ‘ජනසංහාරය’ (Genocide) යන පදය නෛතිකව ඔප්පු කිරීම, යුද අපරාධ ඔප්පු කිරීමට වඩා අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.

ජනප්‍රිය පුවත්  රන් ඇපකර මත ලබාදෙන ණය සඳහාත් උපරිම ණය අනුපාතයක් !

පොන්නම්බලම් මහතාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මහ ඇමති විජේගේ කාර්යාලය හෝ තමිල්නාඩු රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x