June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේනට එරෙහිව විනිසුරන්ගේ කැරැල්ලක් !

1 min read

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ඒකාධිපති හා නරුම ආධිපත්‍යය තවදුරටත් ඉවසීමට නොහැකිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් 5 කට වැඩි පිරිසක් ඇතුළු ප්‍රවීණ අධිකරණ විනිසුරන් රැසක් මේ වන විට භාහිරව නොපෙනෙන අන්දමේ කැරැල්ලක් ආරම්භ කර ඇතැයි අප වෙත වාර්තා වී තිබේ.

මීට හේතු වී ඇත්තේ මෙතෙක් පැවති අධිකරණ සම්ප්‍රදායන් හා සදාචාරයන් අමු අමුවේ උල්ලංගනය කරමින්, සෙසු විනිසුරන්ගේ ආත්ම ගෞරවය තුට්ටුවට දමමින් අගවිනිසුරුවරයා අධිකරණ පද්ධතිය තුළ ගෙන යන ඒකාධිපති මැදිහත්වීමය.

මීට පෙර පැවැති සෑම පාලනයකදීම, මෙවැනි අශිෂ්ට තත්වයක් අධිකරණය තුළ ඇති වුවහොත් ඒ බව විධායකයට (ජනාධිපතිවරයාට) දැනුම්වත් කිරීමට නිල නොවන ක්‍රමවේදයක් පැවතී ඇති නමුත්, ජනාධිපති අනුර කුමාරගේ පාලනය යටතේ, ග්‍රාමීය ඡන්දදායකයාට අත්වී තිබෙන ඉරණමම (එනම්, තම දුක්ගැනවිල්ල පැවසීමට ආණ්ඩුවේ දේශපාලන බලධාරින් හමුවීමට නොහැකිවීමේ ඉරණමම) ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් ඇතුළු සෙසු විනිසුරන්හටද අත් වී තිබීම මෙම තත්වය වර්ධනය වීමට බලපා තිබේ.

ජනාධිපති අනුර කුමාර පාලනය මගින් මෙබඳු පැමිණිලි ලබාදීම සඳහා නොනිල මට්ටමින් සලසා දී තිබෙන පුද්ගල “නාලිකාව” (චැනලය) වන්නේ හිටපු විනිසුරුවරයෙකු වූ වසන්ත ජිනදාසය. එහෙත්, ඔහු කිසිදු සමාජ ඇසුරකින් තොරව කල් ගෙවන පුද්ගලයකු වන බැවින් ඔහු හරහා තමන් මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණම ජනාධිපතිවරයාට දැනුම්වත් කිරීමට මෙකී විනිසුරන්ට නොහැකි වී තිබේ. ඔහුව දැනුම්වත් කළද එය ද කිසිදු ප්‍රතිඵලයක් ගෙන නොදෙන බව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ. මේ හේතුව මත නීතිඥ උපුල් කුමාරප්පේලි හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ආදින්ට විවිද මාර්ග ඔස්සේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ අවනීතික, අශිෂ්ඨ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුම්වත් කර ඇතත්, එමඟින් ද යහපත් ප්‍රතිඵලයක් අත්වී නොමැති බව මෙකී විනිසුරන්ගේ මතය වී ඇත.

ජනප්‍රිය පුවත්  ‘‘YouTube“ ඩෝබිලා පැලවත්තට කැඳවයි!

එක්තරා කාන්තා විනිසුරුවරියක්, තම පවුලේ සාමාජිකයන්ගේ සාදයකදී තරමක් බීමත්ව සිටි බව පෙත්සමක් මාර්ගයෙන් දැනගත් අගවිනිසුරුවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා එම විනිසුරුවරිය පරීක්ෂණයකට කැඳවා තිබේ. අදාල විනිසුරුවරිය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ, එය තම පවුලේ මිතුරන්ගේ සාදයක් බැවින් තමන් තරමක් මත්පැන් පානය කර සිටිය බවයි. එහිදී, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, තම හිතමිතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති මහින්ද සමයවර්ධනගෙන් විමසා ඇත්තේ ගනු ලබන තීරණය කුමක්ද යන්නයි. එහිදී සමයවර්ධන සභාපතිවරයා අගවිනිසුරුවරයාව සතුටට පත් කරමින් පවසා ඇත්තේ “අනිවාර්යයෙන් වැඩ තහනම් කරනු ලබන” බවයි. ඒ අනුව, එම විනිසුරුවරියගේ වැඩ තහනම් කර තිබේ.

මෙම පටු ඒකාධිපති භාවිතය අගතිගාමී ලෙස බලපා ඇත්තේ විනිසුරන් කෙරෙහි පමණක් නොවන බව එම කැරලිකාරී විනිසුරුවන්ගේ මතය වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන බොහෝ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පැමිණිලිද විභාගයට නොගෙන ඉවත දැමීම සිදුකරනුයේ එම පැමිණිලිවලට අදාළ නෛතික කාරණාවන් පිළිබඳ සලකා බැලීමකින් තොරව අගවිනිසුරුවරයාගේ තනි අභිමතයටය. නිදසුනක් ලෙස එම විනිසුරන් පෙන්වා දෙන්නේ සහකාර පොලිස් අධිකාරී තණතුර (A.S.P) දරන්නන් 150 ක් වෙනුවෙන් මෑතකදී ඉදිරිපත් වූ මානව හිමිකම් පෙත්සමය. එය අගවිනිසුරයා විසින් පූර්ව විනිශ්චයකට පැමිණ විභාගයට නොගෙන ඉවත දැමීමට තීරණය කර තිබේ. එහෙත්, ඒ පිළිබඳ සම්බන්ධ සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ මතය වී ඇත්තේ බැලූ බැල්මට මානව හිමිකම් කඩවීමක් එම පෙත්සම්කරුවන්ට සිදුව ඇති බව පැහැදිලි බැවින් එය විභාගයට ගෙන තීන්දුවක් දිය යුතුව තිබූ බවයි.

ජනප්‍රිය පුවත්  ඇමරිකාවට යන්න කලින් හර්ෂ රනිල්ව හමුවේ !

මේ අන්දමට, බොහෝ මානව හිමිකම් කඩවීම පිළිබඳ පෙත්සම් අගවිනිසුරුවරයාගේ තනි ඒකාධිපති මතයට අනුව විභාගයටවත් නොගෙන විසි කරන තත්වයක් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඇතිව තිබීම, එහි සෙසු විනිසුරන්ගේ වේදනාවට හේතු වී තිබේ.

එමෙන්ම, අගවිනිසුරුධූරයට පත්වීමට පෙර, ඇතැම් නීතිඥයන් තමන්ට ගරු සැලකිලි ඇතිව නොසැලකූ බව කියමින් කිසිදු පිළිගතහැකි හේතුවකින් තොරව එම නීතිඥයන්ගේ නීතිඥ භාවිතය තහනම් කිරීමද අගවිනිසුරුවරයා විසින් සිදුකරගෙන යනු ලබන බවද පැවසේ.

අගවිනිසුරුවරයාගේ මෙම අත්තනෝමතික, ඒකාධිපති හැසිරීම තවදුරටත් ඉවසීම නොකළ යුතුය යන ස්ථාවරයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් සැලකියයුතු පිරිසක් මේ වන විට පැමිණ තිබේ. ඒ පිළිබඳ අප දන්නා තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.

මේ අතර ප්‍රීති පද්මන් සූරසේනගේ ක්‍රියා කලාපයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් හා තවත් බොහෝ විනිසුරන් විවිද තමන්ට විශ්වාසය තැබිය හැකි පාර්ශව වෙත පසුගිය කාලය පුරාම කරුණු ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව වාර්තා වීම මත අද (01) පෙරවරුවේ විනිශ්චයකාරවරුන්ගේ සංගම්වල නියෝජිතයින් හා අධිකරණ සේවා සංගමයේ ප්‍රධානින්, අගවිනිසුරුවරයාද සමඟ ජනධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. අගවිනිසුරුවරයාට එරෙහිව ගොඩනැගෙමින් පවතින විනිසුරු විරෝධය දියාරු කිරීම මෙම හමුවේ අරමුණ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අණාවරණය කරයි.

ජනප්‍රිය පුවත්  මෝදි ඝාතන මෙහෙයුමක්! C.I.A. මෙහෙයුම්කරු මරුට! Lanka Underground විශේෂ අනාවරණය!

මේ සමග අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නැමැති දේවගැතිවරයා රෝගියකු සුව කිරීම පිණිස යාඥා කරනු ලබන අන්දම දැක්වෙන, අප විසින් ප්‍රථම වරට අණාවරණය කරන ලද වීඩියෝව ද ඵළ කර ඇත.

  • භාතිය පෙරේරා –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x