July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සහල් අතිරික්තයක් කියමින් තවත් හොරකමකට සැරසේ !

1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (10) අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී මහජනතාව අමතමින් ප්‍රකාශ කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ ගොවීන් සහල් අතිරික්තයක් නිෂ්පාදනය කරමින් ඇති නිසා, මිනිස් ආහාරයට පමණක් සහල් පරිභෝජනය සීමා කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර, එම අතිරික්ත සහල් සත්ව ආහාර සහ බියර් වැනි දෑ නිපදවීම සඳහා ද විවෘත කරන ලද බවය. එය ජනාධිපති අනුර කුමාර කියා සිටියේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පැවැති II අදියර නැවත ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමිණි.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2022 ජුනි මස 24 වැනි දිනය. එමගින්, එවකට පැවති ආණ්ඩුව අපේක්ෂා කරන ලද්දේ මිනිස් පරිභෝජනය සඳහා වන සහල්, වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමෙන් මිනිස් පරිභෝජනය පිණිස වන සහල් හිඟය වලක්වාගැනීමය.

ජනාධිපති අනුර කුමාර පවසන පරිදි, ශ්‍රී ලංකාවේ වීගොවියා මිනිස් පරිභෝජනයට ප්‍රමාණවත් ප්‍රමාණයටත් වඩා අධික වී නිෂ්පාදනයක් සිදු කරන්නේනම්, ඔහුගේ පාලනය යටතේ 2025 වර්ෂයේ දී සහල් මෙට්‍රික්ටොන් 184,750 ක් මෙරටට ආනයනය කිරීමට අවශ්‍යතාවයක් ඇතිවිය නොහැක. 2024 වසරට සාපේක්ෂව මෙම සහල් ආනයනය 40.7 ක සැලකිය යුතු ඉහල යාමක් වේ.

2025 වසරේ මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 5,053,698 ක් දක්වා වර්ධනය වූවද, රජය සහල් ආනයනය දිරිගැන්වූයේ “සහල් හිඟය” නැති කිරීම සඳහායැයි කියමින්ය.

2026 වර්ෂය (ජනවාරි සිට මැයි අවසානය දක්වා) ඇමරිකානු ඩොලර් මිලියන 90.3 ක සහල් ආනයනය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එයින් ඩොලර් මිලියන 49 ක්ම වැය කර ඇත්තේ මැයි මාසයේ දී වීමය.

ජනප්‍රිය පුවත්  මිලින්ද මොරගොඩ ජනාධිපතිවරණයට!

2025 වර්ෂයේ දී සහල් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 103.5 ක මුදලක් වැයකර තිබේ. වත්මන් විනිමය අනුපාතයට අනුව එය රුපියල් බිලියන 31 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් වේ.

2025 වසරේදී වී මෙට්‍රික්ටොන් මිලියන 5.05 ක් නිෂ්පාදනය කර ඇතත් (2024 ට වඩා 7.6% ක වර්ධනයක්) මෙට්‍රික්ටොන් 184,750 (2024 වඩා 40.7% ක වැඩිවීමක්) විදේශයන් වෙතින් සහල් ආනයනය කර තිබේ. මේ සියලු දත්ත මඟින් පෙනී යන්නේ ආණ්ඩුවට විදේශ විනිමය හිඟයක රට ගොදුරුව තිබියදීත් සහල් ආනයනයට දිරිගන්වා ඇති බවයි. ජනාධිපතිවරයා පවසන පරිදි දැන් ඇත්තේ සහල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් නිපදවීමක්නම්, ආනයනය කරන ලද සහල් මෙරට වෙළඳපොළට ගෙන ඒම අවශ්‍ය නොවේ.

මෙම පරස්පර භාවිතය විසින් සිදුව ඇත්තේ දේශීය වී ගොවියාගේ ආදායම පහත බැසීමයි. එනම්, වීමිල පහත වැටීමයි.

2020 ජූලි 23 දින අංක 2185/67 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එකල පැවති ආණ්ඩුව කලේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර හෝ බියර් වැනි වෙනත් වානිජ නිෂ්පාදන සඳහා යොදාගැනීම තහනම් කිරීමය. එහෙත් පසුගිය ජුනි 24 දින අනුර කුමාර ජනාධිපතිවරයාගේ උපදෙස් මත නව ගැසට් නිවේදනයක් මගින් අදාළ තහනම ඉවත්කර ඇත. ජනාධිපතිවරයා කැබිතිගොල්ලෑව හි පැවති උත්සවයේ දී එය සාධාරණීකරණය කළේ ගොවියා නිපදවන සහල් පරිභෝජනයට පමණක් සීමා නොකර සත්ව ආහාරයට හා බියර් වැනි දෑ නිපදවීමට ද යොදා ගැනීමට ඉඩ සලසන්නේ ගොවි ජනතාවගේ වාසිය පිණිස බවය. එහෙත් මේ පිළිබඳ අප කළ ගවේෂණයෙන් හෙළි වී ඇත්තේ මෙය තවත් කැත ජාවාරමකට සිදු කරනු ලබන සුදු හුණු ගෑමක් බවය.

ජනප්‍රිය පුවත්  ප්‍රකාශ ගැන පරීක්‍ෂණයක් කරන්න ! C.J. කියයි.

පොලොන්නරුවේ, ජයවික්‍රම රයිස් පුද්ගලික සමාගමේ අයිතිකරු සංජීව මධුසංඛ ජයවික්‍රම මේ වන විට පැලවත්ත සමඟ සමීප සබඳතා ගොඩනගාගෙන තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔහු බැසිල් රාජපක්ෂගේ විශ්වාසය දිනා ගත් අයෙකි.

පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවලින් වී මිල දී ගෙන මහා පරිමාණයෙන් සහල් සකස් කරන මිනිස් පරිභෝජනය සඳහා “මිහිකත රයිස්” වැනි සන්නාමයකින් වෙළඳපොළට සහල් නිකුත් කරනු ලබයි. එහෙත් ඔහු කාලයක් තිස්සේ සිදුකරන ලද්දේ ලංකාවේ ප්‍රධාන පෙලේ බියර් නිෂ්පාදනය කරන සමාගම් (උදාහරණයක් ලෙස Lion Brewery) වැනි සමාගම් සඳහා සහල් සැපයීමය. එහෙත් 2020 ජූලි 23 දින අංක 2185/67 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය නිසා ඔහුට එම ව්‍යාපාරයට බාධා ඇති වුණි. පැලවත්ත සමග ඇතිකරගත් නව සබඳතාව යොදාගනිමින්, බියර් සමාගම් සඳහා සහල් ලබාදීමට බාධාවක් බවට පත්ව ඇති ඉහත ගැසට් නිවේදනය අවලංගු කරගැනීමට ඔහු සමත් වී තිබේ. ඒ සඳහා සෑම සහල් කිලෝවකින්ම රුපියල් 50 ක් වන සේ විශාල කප්පම් මුදලක් නොකඩවා ලබාදීමට දෙපාර්ශවය අතර එකඟතාව ඇතිව තිබේ.

සහල් අතිරික්තයක් වේනම් කළ යුත්තේ පිටරටින් සහල් දේශීය වෙළඳපොළට ගෙන ඒම නතර කිරීමය. නමුත් අප පෙන්වා දී තිබෙන ඉහත දත්ත අනුව පැහැදිලිවන්නේ, 2026 වසරේ මේ දක්වා වන කාලය තුළ පමණක් සහල් මෙට්‍රික්ටොන් මිලියන 3.45 ක් මෙරටට ආනයනය කර තිබෙන බවය. එය 2024, 2025 වර්ෂවල දී මුලු වසර පුරා ගෙන එන ලද ප්‍රමාණය ද ඉක්මවා ගිය ප්‍රමාණයකි. 2024 වසරටම සහල් මෙට්‍රික්ටොන් මිලියන 3.43 (3,430,000 MT) ආනයනය කර තිබෙන අතර, 2025 වසරටම සහල් මෙට්‍රික්ටොන් මිලියන 3.25 (3,250,000 MT) ක් ආනයනය කර තිබේ. එහෙත් 2026 වසරේ මේ දක්වා ඉහත කී වසරක ගෙන්වා ඇති සහල් ප්‍රමාණයටත් වඩා සහල් මෙට්‍රික්ටොන් මිලියන 3.45 (3,450,000 MT) ගෙන්වා තිබේ. මෙමගින් පෙනී යන්නේ සහල් ආනයනයෙන් ද කප්පම් ලබාගන්නා පැලවත්ත, ඒවා බියර් නිපදවීමට යොදා ගැනීමට තිබූ බාධා ඉවත් කිරීමෙන්ද කප්පම් ලබා ගැනීමට කටයුතු කරන බවයි. මෙම සියලු ජාවාරම් මගින් මෙරට පාරිභෝගික ජනතාවට අධික මිලට සහල් මිල දී ගැනීමටත් ගොවි ජනතාවට නිසි සාධාරණ මිලක් නොලැබීමටත් හේතු වී තිබේ.

ජනප්‍රිය පුවත්  අටමස්ථානාධිපති හිමියන්ගේ තණතුරු හරණය කෙරේ !

ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගතවන බවට අනාවැකි ඵළ වී තිබිය දී මෙම ගනු ලබන පියවර තවත් හානිකර වනු ඇතැයි බොහෝ ප්‍රවීණයින් අනාවැකි ඵල කරති.

  • රවිදු මුණසිංහ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x