අනන්‍යතා අර්බුදය
1 min read
ඕනෑම ජාතියකට ඊට අනන්‍ය වූ ලක්‍ෂණ තිබේ. එය අප හඳුන්වන්නේ අන්‍යතාව කියාය. අනන්‍යතාව විවිද ය. එය නිර්මාණය වන්නේ එම ජාතිය පසු කර පැමිණි ඉතිහාස කතාව තුළ ය. එම ඉතිහාසය කෙරෙහි බල පෑ සභ්‍යත්වයට අනුකූලවය.
නවසීලන්තය ස්වකීය අනන්‍යතාව ලෙස සලකන්නේ එහි ආදිවාසින්ගේ ගති ලක්ෂණය. මාඕරි ජාතිකයන් ලෙස හැඳින්වෙන එහි ආදිවාසීහු ක්‍රි.ව. 13 වන සියවසේ දී පමණ පොලිනීසියානු දූපත්වල සිට නවසීලන්තයට පැමිණ ඇත්තේ මහ සයුර තරණය කරය. මාඕරි ජනතාව සතුව “හකා” නම් සාම්ප්‍රදායික යුද නැටුමක් ඇත. එරට පාර්ලිමේන්තුව තුළ මාඕරි තරුණියක, එකී යුද නැටුම රඟ දැක් වූ බව අපට මතකය.
විජිත හේරත් ඇමතිවරයා පසුගියදා සංචාරයක නියැලුනේ නවසීලන්තයේය. ඔහුව සාදරයෙන් පිළිගත් එරට බලධාරින් ගුවන්තොටුපලේදීම ඔහුව සැරසුවේ ගෝත්‍රික කබායකින්ය. කොරොවායි යනුවෙන් හඳුන්වන මෙම විශේෂ කබාය හැඩ ගන්වා ඇත්තේ කුරුළු පිහාටු වලින්ය. ඒ මාඕරිවරුන්ටම අනන්‍ය සංස්කෘතියේ සංකේතයකි.
සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ නවසීලන්ත ප්‍රභූන් සැලකිලිමත්වන්නේ ඒ පරිද්දෙන් ය. එහෙත් විජිත හේරත්ලා මෙරට අනන්‍ය සංස්කෘතීන් වැදගත් කොට සලකන්නේ ද? ඔහුගේ නායක ජනාධිපති අනුර කුමාර සිංහල අළුත් අවුරුද්දට අතුරුදහන් වන්නේ මහා සංස්කෘතිය “ඇලජික්” බව පෙන්වමිණි. විජිත හේරත්ලාගේ අගමැතිණිය වෙන රටවලට යන්නේ යුරෝපා අනන්‍යතාවය සහිත ඇඳුමින් සැරසීය. බිමල් රත්නායකට අනුව පිළිම වන්දනාව ගෝත්‍රික ය. නලින් හේවගේට අනුව බෝධි වන්දනාව වැදගත් නැත. ස්වදේශික සංස්කෘතිය ඔවුනට අරහන් ය.
තම ජාතියේ අනන්‍යතාවයන් නොසලකා හරින්නේ ඇතුලතින් බියට පත්වූවන් ය. තම ජාතියේ අනන්‍යතාව පිළිබඳ විශ්වාසය හා ගෞරවය අහිමි කර ගත්තවුන් ය. බොහෝවිට හීනමානය එයට හේතු වේ. විජිත හේරත්ලා අයිති ඒ ගොඩටය. ඔවුන් ඉන්නේ අනන්‍යතා අර්බුදයකය. සංස්කෘතිය සම්බන්ධයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද විජිතලා පත්ව ඇත්තේ අනන්‍යතා අර්බුදයකටය.
එවැන්නන්ට, ජාතියක් දියුණු කළ නොහැක. එය වැලලීමට පමණක් ඔවුනට හැකියාව ඇත.