June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඔවුන් වීරයන් වන්නේ ඇයි ?

1 min read

අපි යුද ජයග්‍රහණය සමරන්න උවමනා යුද ජයග්‍රහණය නිසා අපිට නිදහසේ හුස්ම ගන්න ලැබුණා, නිදහසේ රට පුරා ඇවිදින්න ලැබුණා කියන කතාව තමයි ජනප්‍රියම මතය.

මම කියන්නේ අපි යුද ජයග්‍රහණය සමරන්න උවමනා අන්තිම හේතුව ඒක.

යුද ජයග්‍රහණයෙන් පස්සේ අපේ රටට බොහෝ දේවල් හිමි වුණා. ආයෝජකයො ආවා. සංචාරකයො ආවා.

බෝම්බ බිය නැති වුණා. නිදහස, සතුට, සාද පැතිරුණා. අපේ ආර්ථිකය එක්වරම ප්‍රසාරණය වුණා.

ඒ සියල්ලම අපට හිමි වූ ජීවිත ධානය සහ නිදහසට අමතරව ලැබුණු මහා වරප්‍රසාද ගොන්නෙන් කිහිපයක්.

අතීතයේ ලෝකයේ අපේ රට ඉස්සරහා තිබුණ් අනාරක්ෂිත, සිවිල් යුද්ධයක් පවතින අප්‍රිකානු පන්නයේ ගෝත්‍රික අදහසක්.

යුද ජයග්‍රහණයෙන් අපේ රට ඉස්සරහා තිබුණු ඒ බ්ලැක් මාර්ක් එක නැති වෙලා, අපි සිංගප්පූරුව පන්නයේ වෙළඳ රාජ්‍යයක්, බාලි වගේ සංචාරක පුරවරයක් කියන ප්‍රතිරූපය ඇති වුණා.

නමුත් යුද ජයග්‍රහණය නිසා අපි ලැබූ විශාලතම ජයග්‍රහණය ඒ කිසිවක් නෙවෙයි.

අපේ රටේ සමහරු හිතන ආකාරයට සහ NGO ඩොලර් ප්‍රේමීන් සමාජගත කරන්න උත්සාහ කරන ආකාරයට කොටි සංවිධානය කියන්නේ විමුක්තිකාමී අරගලකරුවන් පිරිසක් නෙවෙයි.

ජනප්‍රිය පුවත්  බාල බෙහෙත් අපට පොවන පාලන මිල

ඔවුන් ම්ලේච්ඡ ඝාතකයන් පිරිසක්.

මුලින්ම ඔවුන් උතුරු නැගෙනහිර සිංහල ගම්මාන සමූල ඝාතනය කළා. මිනිස්සු පන්දසකට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි වුණා. සිය දහස් ගණනක් මිය ගියා.

මේවා හුදෙක් නොම්මර නෙවෙයි. මිනිස් ජීවිත. ඉතිහාසය කියවද්දී, ඒ එක් රැයකින් එක පාරම ගෙදර , අම්මා තාත්තා දරුවො සැමියා බිරිඳ අහිමි වුණේ ඔබට කියලා හිතන්න.

අද රටේ දෙමල මාධ්‍යයෙන් දිස්ත්‍රික්ක 25 ම රජයේ විභාග පැවැත්වෙනවා.

නමුත් සිංහල භාෂාවෙන් විභාග පැවැත්වෙන්නේ දිස්ත්‍රික්ක 22 ක පමණයි.

ඒ තමයි කොටින්ගේ කෙරුවාව.

ඉන්පසුව ඔවුන් මුස්ලිම් ප්‍රජාව ගම්මාන වලින් පලවා හැරියා.

මේ සියල්ලටම වඩා දෙවන සහ තුන්වන ඊලාම් යුද්ධ වල කොටි සංවිධානය උතුරු , නැගෙනහිර හුදෙකලා හමුදා කඳවුරු ගණනාවක් වට කළා.

ඒවා අත්පත් කරගත්තා.

මේ කඳවුරු වල සේවය කරපු රණවිරුවො දහස් ගණනක් මිය ගියා.

දැඩි ආයාසයක් යොදලා, නොකා නොබි, තිබහට මුත්‍රා පානය කරලා, බඩගින්නට කොල පොතු කාලා කිහිපදෙනෙක් පමණක් දිවි ගලවාගෙන පැමිණ තිබෙනවා.

වනැස යූටියුබ් නාළිකාවේ එවැනි කතා තිබෙනවා.

මුලතිව් කඳවුරේ වතුර ටැංකිය ඉඳලා දිවි බේරාගත්තු සෙබළු කිහිපදෙනෙක් ඉන්නවා.

ජනප්‍රිය පුවත්  ධනවාදයේ අවසන් කාර්තුව අරම්භ වෙමින් ඇත!

ඔවුන්ගේ කතා ඇදහිය නොහැකි තරම් විශ්මිතයි.

හමුදා කඳවුරු පමණක් නොවෙයි.

පොලීසි වල නිළධාරීන්ගේ ඉරණම එයට වඩා බොහෝ භයානක වුණා.

සටනක් හෝ නොමැතිව යටත් වූ ඔවුන් ඝාතනය කෙරුණා.

මේ කොහේ හෝ පවුලක දරුවෙක්, සැමියෙක්, පියෙක්.

එක පොදියට වයස අවුරුදු විසි ගණන් වල යෞවනයන් දහස් ගණනක් එක රැයකින් මිය ගියා.

තවත් පිරිසක් කුසගින්නේ මිය ගියා.

ඉතාම සුලු පිරිසක් ජීවිතයත් මරනයත් අතර සටනකින්, අපා දුක් විඳ ජීවිතය ගලවා ගත්තා.

ඔවුන්ගේ ජීවිත ගැන අප රටක්, ජාතියක් ලෙස බොහෝ කම්පා විය යුතුයි.

මුලතිව්, අලිමංකඩ, මාන්කුලම් ආදි කඳවුරු ගණනාවක් ඒ ඉරණමට මුහුණ දුන්නා.

ඇමෙරිකාවේ සෑම වසරකම රණවිරුවන් සැමරීමට විශේෂ දිනයක් වෙන් කර තිබෙනවා.

එහිදී ඇමෙරිකානුවන් සමරන්නේ ඔවුන්ගේ ජයග්‍රහණ නිසා තමන් ලැබූ නිදහස නොවෙයි.

තමන්ගේ නිදහස උදෙසා මව්බිමේ තරුණයක් විඳි පීඩා, පරිත්‍යාග සහ කැපකිරීම්.

එවැනි රණවිරුවන්ගේ කතා අහද්දී ඔවුන් කළ කැපකිරීම්, ඔවුන් විඳි වේදනා ගැන සමාජයක් ලෙස අප සංවේදි විය යුතුයි.

විජයග්‍රහණයේ සැමරුම යනු අප වෙනුවෙන් ඔවුන් විඳි වේදනා, කළ උත්තරීතර පරිත්‍යාග වලට අපගේ කෘතවේදිත්වය පළ කෙරෙන දිනය.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 හොරාකාලා රංගව පැටලෙව්ව හැටි!

කරුණාකර එදිනට ඔබගේ නිවසේ ජාතික කොඩියක් ඔසවන්න.

ඔබ දන්නා හඳුනන ත්‍රිවිද හමුදාවේ සේවය කළ රණවිරුවන්ට ඔබගේ නිවසේ රාත්‍රී ආහාරයකට ආරාධනා කරන්න.
ඔවුන් කළ සේවයට ඔබ ස්තූතිවන්ත වන බව ඔවුන් මියයාමට පෙර පවසන්න.

ඩොලර් වලට කෑදර NGO කු*කන් මොනවා කිව්වත් අවුරුදු 17 කට පසුවත් ඔවුන්ගේ සේවය, කැපකිරීම් අපට මතක බව කියන්න.

ඔවුන් කළ කැපකිරීම් වලට ඔබට දැක්විය හැකි අවම ස්තූතිය එයයි.

ඡායාරූපය – පුනරින් කඳවුරේ සිර වී දිවි බේරාගත් රණවිරුවෙක්.

  • සචින් රත්වත්තේ –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x