චීන ඔත්තු බැලීම්වලින් බේරීමට ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් විශේෂ ආරක්ෂක උපක්‍රමයක්!
1 min read
චීනයේ නිල සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ ඔහුගේ නියෝජිත පිරිස සිය දත්ත ආරක්ෂාව වෙනුවෙන් අතිශය දැඩි පියවරක් ගෙන ඇති බව Fox News වාර්තා කරයි. ඒ අනුව, ඔවුන් චීනයේ රැඳී සිටින කාලය තුළ තමන් සාමාන්‍යයෙන් භාවිත කරන පෞද්ගලික හෝ නිල ස්මාර්ට් දුරකථන සහ ලැප්ටොප් පරිගණක භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටියි.
චීන බලධාරීන් විසින් ඔත්තු බැලීමේ මෘදුකාංග ඇතුළත් කර රහසිගත දත්ත ලබා ගනු ඇතැයි පවතින බිය නිසා මෙම තීරණය ගෙන ඇත.
ඒ වෙනුවට ඔවුන් භාවිත කරන්නේ මෙම සංචාරය සඳහාම පමණක් වෙන් කළ තාවකාලික දුරකථන සහ පරිගණක පද්ධති පමණි.
ඇමරිකානු බුද්ධි අංශවල උපදෙස් මත, සංචාරයෙන් පසු මෙම උපාංග නැවත පරීක්ෂාවකට ලක් කරන බව හෝ විනාශ කරන බව ද වාර්තා වේ.
