June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැංකු කඩා වැටීමේ අවදානමක් !

1 min read

විදේශ විනිමය හිඟවීම මත නැවතත් ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බුන්වත් රටක් බවට පත් වුවහොත් මෙරට මූල්‍ය බැංකු පද්ධතියම බරපතල බිඳ වැටීමකට ලක්වීමට ඇත්තේ වැඩි ඉඩ කඩක් බව මූල්‍ය ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරති.

මේ වන විටත් ගිණුම් හිමිකරුවන් ඉල්ලන ප්‍රමාණයට ඇමෙරිකානු ඩොලර් ලබා දී‍මේ නොහැකියාවක මෙරට රාජ්‍ය හා පුද්ගලික බැංකු පෙලෙමින් තිබේ. ණයවර ලිපි නිකුත් කිරීමට හා වෙනත් අවශ්‍යතාවයන් සඳහා බැංකුව වෙත ඇති ඇමරිකානු ඩොලර් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට රාජ්‍ය හා පුද්ගලික බැංකු අසමත්ව තිබේ. මේ වන විට අදාල බැංකු වෙන වෙනම විදේශ බැංකු වෙතින් ඩොලර් ණය‍ ගැනීමට උත්සාහ කර ඇතත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින අස්ථාවර තත්වය හේතුකොටගෙන එම විදේශීය බැංකු අදාල ණය ලබාදීමට උනන්දුවක් නොදක්වන බව පැවසේ.

එම හේතුව මත බොහෝ දේශීය බැංකුවල තිබෙන රුපියල් ගිණුම් අදාළ ගිණුම් හිමිකරුවන් විසින් විවිධ විදේශීය බැංකු වෙත හරවමින් තිබෙන අතර, සිංගප්පූරුව කේන්ද්‍රකරගත් බැංකු කිහිපයක පෞද්ගලික තැ‍රැව්කරුවන් ඒ සඳහාම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙමින් සිටිති.

ජනප්‍රිය පුවත්  ක්‍රිකට් පාලක මණ්ඩලය ජෙරම් යටතට !

මෙම සිංගප්පූරුව කේන්ද්‍රකරගත් බැංකු වල තැ‍රැව්කරුවන් මෙරටට පැමිණ තරු හෝටල් තුල නතර වී සිටමින් කරන්නේ විදේශ විනිමය උපයන මෙරට ධනවතුන්ගේ ගිණුම් එරට බැංකු වෙත රැගෙන යාමය. එමගින්, එම උපයන විදේශ විනිමය ලංකාවට නියමිත ප්‍රමාණය ලැබෙනුයේ නැත. එම සිංගප්පූරු මෙහෙයුම මේ වන විට ඉහළ මට්ටමකින් සිදුවන බව අපගේ ආර්ථික ගවේෂණ මාධ්‍ය කණ්ඩායම විසින් අණාවරණය කරගෙන ඇත.

දේශීය අපනයනකරුවන්ගේ විදේශ විනිමය සිංගප්පූරුවට ඇදීම මගින් මෙරට විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග්‍ර වන බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ. එහෙත් මේ වන විට, එම ප්‍රවණතාව බොහෝ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර, එය දේශීය බැංකු පද්ධතිය බිඳ වැටීම දක්වා ද උග්‍ර විය හැකියැයි එම විශේෂඥයෝ අවධාරණය කරති.

ආශා පෙරේරා –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x