June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරගේ නඩුව බලවන්න !

1 min read

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද අල්ලස් කොමිසමට කැඳෙව්වා. පැය දෙකක් ප්‍රකාශ ගත්තා. පිටත් කළා.

මෙලො තේරුමක් නැති, සාධාරණ නඩුවක් හෝ නැති විමර්ෂනයකට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පටලවලා තියෙනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා දේශපාලනිකව මතු වන හැම වෙලාවකම සංස්කෘතික අරමුදලක කතාවක් කියනවා. හැබැයි නඩුවක් හෝ නැහැ.

මේ ආණ්ඩුවට මිනිස්සු බලය දුන්නේ ඇත්තටම දූෂණ, වංචා විමර්ෂනය කරලා, ඇත්තටම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න.

නමුත් ඔබට පේනවද මේ ආණ්ඩුව අපූරු රටාවක් අනුගමනය කරනවා.

ඔවුන් ෆයිල් පෙන්නුවට ඔවුන්ට හොරකම්, වංචා ගැන හොයන්න හෝ යුක්තිය පසඳලන්න ඇත්ත උවමනාවක් නැහැ.

ඔවුන්ට උවමනා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට විතරයි.

මේ ගැන තවත් මරු උදාහරණයක් අද දැක්කා.

මෙරට කොටස් වෙළඳපොලේ සිදු වූ ගණුදෙනු සම්බන්ධයෙන් හොයන්න ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්, විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට ගෙන්වනවා ලු.

මේ ප්‍රවෘත්තිය අපි දැක්කේ ආණ්ඩුවේ ඩෝබි මාධ්‍යවේදියන්ගෙන්.

ආණ්ඩුවේ අලුත් රහසිගත තීරණ, නඩු, විමර්ෂන, CID කේස්, බ්‍රයිබරි කේස් කාටත් කළින් රටට කියන ඩෝබි බුවාලා ටික දෙනෙක් ඉන්නවා.

ඔවුන් තමයි ආණ්ඩුව මස් කටු දීලා නඩත්තු කරන , තමන් වෙනුවෙන් බුරන්න තියන් ඉන්න කුලීකාරයො.

මේ කුලිකාරයො ඒ විදියට විනිමය සහ සුරුකුම්පත් කොමිෂන් සභාවට (SEC) ගෙන්වන නම් ලිස්ට් එකත් කිව්වා.

(ආණ්ඩුවේ විමර්ෂන වල තොරතුරු ඩෝබින්ට ආවේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒවා වලංගු දියුණු, ශිෂ්ඨ රටවලට මිසෙක මේවගේ හුණ්ඩු වලට නෙවෙයි)

ජනප්‍රිය පුවත්  කොරෝනා වසංගතය බිල් ගේට්ස් නිර්මාණයක් ද?

ඔවුන් හෙළිකළේ අපූරු නම් ලයිස්තුවක්.

දිලිත් ජයවීර, රේනො සිල්වා, නිමල් පෙරේරා වගේ කිහිපදෙනෙක් ඒ ලිස්ට් එකේ හිටියා.

මම මේ ලිස්ට් එක මුලින් දැක්කම අවංකවම හිතුවේ ඩෝබි බුවාලට වැරදිලා කියලා. නම් කිහිපයක් මගහැරිලා කියලා.

මන් නැවත නැවතත් ඒ ලයිස්තුව පරීක්ෂා කළා. මම පුදුම වුණා.

ලංකාවේ කොටස් වෙළඳපොල දිගු කාලයක් තිස්සේ රන් කරන්නේ දෙන්නයි.

ලංකාවේ කොටස් වෙළඳපොළේ විශාල ගණුදෙනු ඒ දෙන්නගේ. කොටස් වෙළඳපොලෙන් වැඩිපුරම උපයලා තියෙන්නේ ඒ දෙන්නා.

කොටින්ම ඒ දෙන්නා තමයි කොටස් වෙළඳපොලේ ගොඩ් ෆාදර් ලා.

ඒ වගේම පම්පිං ඇන්ඩ් ඩම්පිං කිංග් ඔවුන්ගෙන් කෙනෙක්.

සරලවම ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර.

ලංකාවේ ලොකුම ධනවතුන් දෙන්නා. කොටස් වෙළඳපොලේ ලොකුම ගණුදෙනුකරුවො වගේම කොටස් වෙළඳපොලේ පම්පිං ඇන්ඩ් ඩම්පිං වලින් හම්බ කරපු බුවාලා.

හැබැයි ඒ දෙන්නා මේ ලිස්ට් එකේ නෑ. මරු වැඩක්නේ ?

ඔවුන් දෙදෙනා නැතුව කොටස් වෙළඳපොල ගැන හොයනවා කියන්නේ නිකන් තේ කියලා තේ, කිරි, සිනි නැතුව ඇල් වතුර බොනවා වගේ වැඩක්නේ ?

දැන් අපි බලමු.

දිලිත් ජයවීර මේ ලිස්ට් එකට එන්නේ ඇයි ?

මිනිහා දැන් දේශපාලනය කරන නිසා. දෙරණ ආණ්ඩුවට ගහනවා කියලා හිතන නිසා.

ජනප්‍රිය පුවත්  පැක්ස් සිලිකා: අනුරට ලිට්මස් පරික්ෂණයක්!

හැබැයි ස්ටොක් මාර්කට් එකේ අපි අවුරුදු ගානකින් දිලිත්ගේ ට්‍රේඩ් එකක් දැකලා නෑ.

කොටින්ම දිලිත් මීඩියා වලින්, බිස්නස් වලින් හම්බ කළාට ස්ටොක් මාර්කට් එකේ පොරක් නෙවෙයි.

රේනො සිල්වා මේ ලිස්ට් එකට එන්නේ ඇයි ?

හිරු ආණ්ඩුවට ගහනවා කියලා ආණ්ඩුව හිතන නිසා. හිරු කන්ට්‍රෝල් කරන්න ඕන නිසා.

නිමල් පෙරේරා කියන්නේ ධම්මිකගේ කුණු කොන්ත්‍රාත්තු කරලා, පස්සේ වසන්ත සමරසිංහට පගාව දීලා, දැන් රටෙත් නැති පොඩි පොරක්.

ඔහුගේ නම මේ ලයිස්තුවට දැමීම කපටි වැඩක්.

මොකද දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න නිමල් පෙරේරා මේවට කට උත්තර දෙන්න එන්න ඕන නැහැ.

ඇත්තටම ආණ්ඩුවට කොටස් වෙළඳපොළේ වංචා අල්ලන්න උවමනා වුනා නම් පටන් ගන්න තිබුණේ ධම්මිකගෙන්. ඊලගට ඉෂාරගෙන්.

හැබැයි ආණ්ඩුවට උවමනා ඇත්තටම හොරකම් අල්ලන්න නෙවෙයි.

හොරකම් යූස් කරලා දේශපාලනය කරන්න, ඩෝබියො චූන් කරන්න සහ දේශපාලන පළිගැනීම් කරන්න විතරයි.

ධම්මික පෙරේරා අද ආණ්ඩුවේ. ආණ්ඩුවට මැයි රැළි කරන්නත් සල්ලි දුන්නේ ධම්මික.

අද ආණ්ඩුවේ ගල් අඟුරු ටෙන්ඩරේ ඉඳන් හැම ටෙන්ඩරයක්ම යන්නේ ධම්මිකට.

ඉෂාර නානායක්කාරත් ආණ්ඩුවේ.

ආණ්ඩුව ඉෂාර ලා, ධම්මික ලා ආරක්ෂා කරනවා.

ආණ්ඩුවට ඇත්තටම කොටස් වෙළඳපොලේ ගණුදෙනු පරීක්ෂා කරන්න සහ හොරකම් අල්ලන්න උවමනා නම් පටන් ගන්නේ එතැනින්.

නමුත් හිරු , දෙරණ පාලනය කිරීමට සහ දිලිත්ගේ දේශපාලනය පාලනය කිරීමට උවමනා නිසා ඔවුන් මේ හුදෙක් ව්‍යාජ පරීක්ෂන පටන් ගන්නවා.

ජනප්‍රිය පුවත්  අනුර, හර්ෂ ඩී සිල්වා සහ ව්‍යාපාරික ගජ මිතුරන්

මේවා දිනන්න පුලුවන් නඩු නෙවෙයි.

කොටින්ම අද දිලිත් සහ රේනො ආණ්ඩුවට සපෝර්ට් කළා නම් අද ආණ්ඩුවෙන් ඔවුන්ට කෝටි ගණන් වල බිස්නස් මිසෙක මේවගේ ගොන් පාර්ට් වල හිර කරන්නේ නැහැ.

මේවා දේශපාලනය කියලා කියන්නේ ඒකයි.

රේනො සහ දිලිත් ආණ්ඩුවට කඩේ යෑම තෝරා නොගත් නිසා ඔවුන් මේවායේ ඉලක්ක වෙනවා.

ඇත්තටම මේ රටේ හොරකම, වංචාව සහ දූෂණය නවත්තන්න මාලිමාවට ඡන්දය දීපු මිනිස්සු පව්.

රනිල් , මහින්ද , සජිත්, දිලිත්, රේනො මේ සියලූම දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුවට තියෙන්නේ දේශපාලන උවමනා සහ ඔවුන් නිෂ්ක්‍රීය කිරීමේ අරමුණක් මිසෙක සැබෑ වංචා දුෂණ පිටුදැකීම නොවෙයි.

කොහොම වුනත් මේ සිදුවීමෙන් සිංහල භාෂාවට අළුත් ප්‍රස්ථා පිරුළක් එකතු වුණා.

ඉස්සර තිබුනේ මනමාලි නැතුව මගුල් කනවා වගේ කියලා ප්‍රස්ථා පිරුලක්.

හැබැයි ධම්මික, ඉෂාර දෙන්නම නැතුව කොටස් වෙළඳපොලේ වංචා හොයනවා කියන්නේ නිකන් මනමාලයයි, මනමාලියි දෙන්නම නැතුව නිකන් මල් කුමාරයො එක්ක මගුල් කෑවා වගේ වැඩක්.

  • සචින් රත්වත්තේ –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x