September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අයිස් ටෙන්ඩරයට එරෙහිව මාළු ව්‍යාපාරිකයෝ වි​රෝධතාවක

1 min read

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ ව්‍යාපාරිකයන් විසින් මාළු සඳහා යොදන අයිස් ටෙන්ඩරය කිලෝ ග්‍රෑම් 50ක අයිස් කුට්ටියක් රුපියල් 500 ට අලෙවි කළ පාර්ශ්වයට නොදී රුපියල් 690 ට අලෙවි කරන සමාගමකට ලබාදීම හේතුවෙන් මාළු මිල තවත් ඉහළ යන බව ඊයේ (18 වැනිදා) නිහඬ විරෝධතාවක යෙදුණු මත්ස්‍ය ව්‍යාපාරිකයෝ පවසති.

කිලෝග්‍රෑම් 50 ක අයිස් කුට්ටියක රුපියල් 500 කට ලබාදීමට පිරිසක් සූදානම්ව සිටියදී ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කර ඇත.

මීට පෙර අයිස් කුට්ටියක් රුපියල් 500 කට ලබාදුන් අවස්ථාවේදී ටෙන්ඩරයට හිමිකම් කියන සමාගම අයිස් කුට්ටිය බහාලන කවරය (උරය) ලබානොදීම නිසා ඒ සඳහා රුපියල් 50 ක අමතර මුදලක් වැය කිරීමට ව්‍යාපාරිකයන්ට සිදුව තිබිණි. කෙසේ වෙතත් රුපියල් 500 කට මිලදී ගත් අයිස් කුට්ටියක් වෙළෙඳ කුටියක් වෙත ගෙන එන කුලී මුදලත් සමග එහි මිල රුපියල් 650 ක් බවට පත්ව තිබූ බව එම වෙළෙඳ සංගමයේ සාමාජික ජනක සම්පත් දිසානායක පැවැසීය.

නව ටෙන්ඩරය අගෝස්තු 1 වැනිදා මෙම සමාගමටම පිරිනමා ඇත. ඒ අනුව අදාළ සමාගම කිලෝග්‍රෑම් 50 ක අයිස් කුට්ටියක නව මිල රුපියල් 690 දක්වා වැඩිකර ඇත. වෙළෙඳ කුටියක් වෙත ගෙන ඒමේදී එහි මිල රුපියල් 800 ත් 850 ත් දක්වා වැඩිවීමත් සමග සෑම මාළු කිලෝවකම මිල රුපියල් 8 ත්, 9 ත් අතර ගණනකින් ඉහළ දැමීමට සිදුව තිබේ.

ජනප්‍රිය පුවත්  ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x