August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

10-11 දින දෙකේ ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

1 min read

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොමු නොකිරීමට එරෙහිව එළැඹෙන 10 හා 11 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත්වෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමය පවසයි.

සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඒ.පී.ඒ. විජේරත්නගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ ග්‍රාම නිලධාරි සේවයේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට වසර ගණනාවක සිට දේශපාලන අධිකාරියෙන් හා පරිපාලන බලධාරීන් වෙතින් කොතෙක් ඉල්ලීම් කළද මෙතෙක් කිසිදු සාධාරණ විසඳුමක් ලබාදී නොමැති බවයි.

එසේ තිබියදී රජය සහ පාලන බලධාරීන් විසින් ග්‍රාම නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරී වලට අමතරව විවිධ වැඩසටහන් හා විෂය ගත නිලධාරීන්ගේ වගකීම් ග්‍රාම නිලධාරී වෙතම පවරමින් කටයුතු කරන බවත් සඳහන්වේ.

එබැවින් ග්‍රාම නිලධාරී සේවය සඳහා ගැළපෙන අර්බුදවලින් තොර සේවා ව්‍යවස්ථාවක් ලබා ගැනීම, ග්‍රාම නිලධාරී සේවය සඳහා ඉන්ධන, කාර්යාල, ලිපි ද්‍රව්‍ය, දින වැටුප් ක්‍රියාත්මක කිරීම, බඳවා ගැනීමේ අවස්ථාවේ සිට අතිමහත් අසාධාරණයකට පත්ව සිටින ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සඳහා විසඳුමක් ලබාගැනීම ඇතුළු කරුණු මුල්කරගනිමින් ඊයේ (05 වැනිදා) සිට පොදු කොට්ඨාස දින රැස්වීමට හැර අනෙකුත් සියලුම රැස්වීම් වලට සහභාගී නොවීමට ද තීරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම වූ තද වැසි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x