August 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුපියල් ට්‍රිලියන 7කට අධික දැවැන්ත මූල්‍ය හිඟයක්..

1 min read

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල කිසිදු සුවිශේෂී ප්‍රගතියක් සිදුව නොමැති බවත්, මේ වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 7කට අධික දැවැන්ත මූල්‍ය හිඟයකට රජයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව අවධාරණය කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වාණිජ ණය සහ ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේ සිට බවයි.

රජය පවසන පරිදි ආර්ථිකයේ සැබෑ වර්ධනයක් සිදුව ඇත්නම්, 2027 වසර වන විට මෙරට දළ ජාත්‍යන්තර සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා වර්ධනය විය යුතු බව ඔහු සඳහන් කළේය.

රජයේ බදු ආදායම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 4ක් වූ රජයේ ආදායම, 2025 වසරේදී ට්‍රිලියන 5.1ක් දක්වාත්, මේ වසරේදී ට්‍රිලියන 5.6ක් දක්වාත් ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ආදායම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් රජයේ වියදම් ඉහළ යමින් පවතින බවත්, ඒ හේතුවෙන් වසර අවසානයේදී රුපියල් ට්‍රිලියන 7කට වඩා වැඩි මුදලක් ණයට ගැනීමට රජයට සිදුවනු ඇති බවත් ඔහු අනාවරණය කළේය.

ජනප්‍රිය පුවත්  මාතර සමූපකාර රෝහලේ සභාපති ට පිහියෙන් ඇනලා….!

උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා, රජයේ ඉලක්කය උද්ධමනය 5%කට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීම වුවද, මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමනය 7% දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය.

මෙම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x