August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“හරක් කටා”ගෙ පගා චෝදනාව නීතිපති දෙපාර්තමේන්තුවටත් !

1 min read

“හරක් කටා” හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නව, ජනාධිපතිගේ රැදවුම් නියෝග යටතේ තබා නොගෙන සාමාන්‍ය බන්ධනාගාරයකට යොමු කිරීමේ පොරොන්දුව මත රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම පිළිබඳ ආරම්භ කර තිබෙන විමර්ශන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ෂනිල් කුලරත්න වෙත ද මේ වන විට යොමුව ඇතැයි වාර්තා වේ.

1996 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥවරයකු ලෙස සමත්ව ඇති ෂනිල් කුලරත්න නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ඇත්තේ 1977 අප්‍රේල් මාසයේ දී ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහුට ජනාධිපති නීතිඥ ධූරය පිරිනමන්නේ 2024 නොවැම්බර් මස ජනාධිපති අනුර කුමාර විසින් ය. අපරාධ නීතිය විශේෂයෙන් හදාරා ඇති ෂනිල් කුලරත්න “හරක් කටා” සම්බන්ධ නඩුවේ ආණ්ඩුව පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ය.

මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අදාළ විමර්ශකයන් අණාවරණය කරගෙන ඇති පරිදි, 2023 මාර්තු මාසයෙන් අනතුරුව, මෙම ජනාධිපති නීතිඥ හා අතිරේක සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න එවකට පොලිස්පතිව සිටි C.D. වික්‍රමරත්නට දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ, රැඳවුම් නියෝග ඉවත් කර “හරක් කටා”ව සාමාන්‍ය බන්ධනාගාරගතකර නඩු විභාගය සිදු කිරීමට ය. හිටපු පොලිස්පති C.D. වික්‍රමරත්නගේ මරණයෙන් පසුව, ඔහුගේ ලිපි ලේඛන පරීක්ෂාකිරීමේ දී එම කාලය තුළ (2023) ඔහු පාවිච්චි කළ දිනපොතක ඔහුගේම අත් අකුරින් මේ බව සටහන් කර තිබී ඇත.

ජනප්‍රිය පුවත්  ඉහළ විනිසුරු විශ්‍රාම දිගුවට නීතිඥ සංගමය එරෙහි වේ !

මෙකල, අධිකරණ ඇමැතිධූරය දරන ලද්දේ, අදාළ චෝදනාව සම්බන්ධව අත්අඩංගුවට ගෙන රිමන්ඩ් බන්ධනාගාරගතව සිට ඇප ලබාගත් නීතිඥ රඛිත රාජපක්ෂගේ පියා වන විජේදාස රාජපක්ෂ ය. ඒ අනුව, විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇත්තේ, රඛිත රාජපක්ෂ සෘජුවම හෝ තම පියා මගින් හෝ කිසියම් වාසිදායක යෝජනාවක් ඉදිරිපත් කර “හරක් කටා”ට අපේක්ෂිත තත්ත්වය හිමිකර දීම සඳහා මෙම අතිරේක සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්නව යොදාගත්තේ ද යන්නයි.

අද්භූත මරණයකට හිමිකම් කී හිටපු පොලිස්පති C.D. වික්‍රමරත්න තබා ඇති දින සටහනට අනුව, ෂනිල් කුලරත්න දිගින් දිගටම අදාළ බලපෑම ඔහු වෙත සිදුකර තිබේ.

කෙසේ වෙතත්, විමර්ශකයන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර, ඉදිරියේ දී ඔහු සම්බන්ධව ගනු ලබන පියවර තීරණය කරනු ඇතැයි අපගේ ආරංචි මාර්ග පවසා සිටී.

  • රුචිර විදානගමගේ

ෂනිල් කුලරත්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x