August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැසිෆික් මුහුදේ සුළිකුණාටුවේ බලපෑම ලංකාවටත් එල්ලවන ලකුණු!..

1 min read

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (04) දිවා කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේවෙතත් මේ වනවිට පැසිෆික් මුහුදේ ජපානයට පහළින් සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතින බවත් එම තත්ත්වය හේතුවෙන් හයවෙනිදා පසුව ද වැසි තත්ත්වය වැඩිවනු ඇති අපේක්ෂා කරන බවත් ඔහු කීය.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ප්‍රදේශවලට තරමක වැසි ඇති විය හැකිය.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වශයෙන් වැසි අපේක්ෂා කරන බව අජිත් විජේමාන්නගේ මහතා පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x